subash

subash

පළාත් පාලන මැතිවරණයෙන් ඉක්බිති රටේ විවිධ පාර්ශ්ව දැවැන්ත විලි රුදාවකින් පෙළෙන්නට විය. ඒ, අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්විය යුතුය යන විලිරුදාවෙනි.

ජනාධිපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාව පාවිච්චි කළේ රනිල් හොරා කියන්නය. අගමැති තනතුර වෙනස් කරන්නත් මහ මෙහෙයුමක් දියත් කළේය. තමුන් මේ හොරු අල්ලා අවීචි මහනරකාදියට යවා මිසක් තනතුරෙන් යන්නේ නැති බවද කීවේය.

සංගීතවේදී චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් සටහනක් මඟින් මේ රටේ මජරකම ගැන දැමූ අදහසට සිංහල බෞද්ධ ජාතිවාදී උන්මන්තකයන්ගේ ලේ කෝප වී තිබේ. සුපුරුදු පරිදිම චිත්‍රාල්ගේ අම්ම අප්පා මතක කරමින් බැණ වදිමින් තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වන බලවේගවලින් ඔහුව රැක ගතයුතු බව අගමැතිවරයා එජාප මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ. කිලී මහරාජා සහ ඔහුගේ මාධ්‍ය නඩයත් ,ඔහුගෙන්ම වරප්‍රසාද ගන්නා ගොබ්බ ජනාධිපති උපදේශකයෝ , මහරාජා යටතේ තිබෙන් ජනාධිපති මාධ්‍ය අංශයත් සහ මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කණ්ඩායමත් විසින් මේ වන විට ජනාධිපතිවරයාව දැඩී පීඩනයකට ලක් කර ඇති බවත් එම නිසා මේ මොහොතේදී ඔහුට ශක්තියක් වීම මිස ඔහුව විවේචනයට නොකරන ලෙස අගමැතිවරයා අවධාරණය කර තිබේ.

සම්මුතික ආණ්ඩුව බිඳ වට්ටවා පහත් පටු දේශපාලන හා පෞද්ගලික වුවමනාවන් ඉ‍ටුකර ගැනීමට කිලී මහරාජා සහ මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කල්ලිය සිදු කළ කුමන්ත්‍රණ හෙළිදරව්වී ඔවුන් හතර හන්දි කඩාගෙන සිටියද තව දුරටත් එම උත්සාහයයන් වල නිරත වෙමින් සිටී.

අමරිකාවේ පීඩිත කළු ජාතිකයන්ගේ විමුක්තිය වෙනුවෙන් සටන් කළ මැල්කම් එක්ස් නම් විමුක්තිකාමියා එම කළු ජාතික ජනතාව වෙනුවෙන් කළ අරගලය නිවැරදි බව ගෝඨාභය රාජපක්ෂ අද දිවයින පුවත් පතට සම්මුඛ සාක්ච්ඡාවක් දෙමින් පවසා ඇත.

මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කණ්ඩායම ලබාගත් ඊනියා ජයග්‍රහණය ආපස්සට හරවා පොහොට්‍ටු කණ්ඩායම සීසීකඩ කිරීම සඳහා එජාප හා ශ්‍රීලනීප ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව ශ්‍රීලනීප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල විග්‍රහ කිරීම තවම අවසන්ව නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ‘ජයග්‍රහණය’ කිසිවෙක් බලාපොරොත්තු වූ සීමාවට එහා ගිය ජයග්‍රහණයක් ලෙස බොහෝ දෙනා සලකනු පෙනේ. අලුතෙන් පටන්ගත් පක්ෂයක් මෙවන් ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාවයැයි බොහෝ දෙනා කියති.

පසුගිය 11 වැනි දා රාවය පුවත්පතේ “රාවයේ අයිතිය සහ මාර යුද්ධය” මැයෙන් වික්ටර් අයිවන් දීර්ඝ ලිපියක් ලිවීය. එම ලිපිය තුළ පුවත්පතේ කීර්ති නාමයේ පූර්ණ අයිතිය තමන් වෙත පවරා ගනිමින්, රාවය ගොඩනැගීමට සහ මේ දක්වා එය පවත්වාගෙන ඒමට උරදුන් සියල්ලන් පරිහාසයට ලක්කොට තිබුණි.

අගමැති රනිල් වික්‍රමසිංහ අද සවස පැවැති මාධ්‍ය හමුවේදී තමන් අගමැතිධුරයෙන් ඉවත් නොවන බවත් ආණ්ඩුව මෙලෙසම පවත්වාගෙන යන බවත් කීවේය.

Connet With Us