subash
අන්තිමට බැඳුම්කර විවාදෙන් වුණේ ජනාධිපති පීචං වීම පමණි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මැතිවරණ වේදිකාවක සිට සිංහ ලීලාවෙන් අගමැතිවරයාට අභියෝග කළේ පුලුවන්නම් බැඳුම්කර විවාදේ පෙබරවාරි 10 වෙනිදාට පෙර පවත්වන ලෙසය. එසේ කීවේ දේශපාලන තක්කඩිකමටය.
මෙරට බෝග වගා විනාශයි. ඉන්දියානු බීජ ලංකාවට. රේගුව අවසර දීලා !
මෙරට බෝග විනාශ කළ හැකි බීජ වර්ග වෙළෙඳපොළට යොමු කිරීම සඳහා දේශපාලන බලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරමින් සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය චෝදනා කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා මොට්ට කඩුව වන වනා දූෂණ විරෝධය ගැන කතා කරනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා බලයට ඇවිත් දූෂිතයන්ට දඬුවම් දෙන බව කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෙත් ඒකමයි. ජනතා විමුක්ති පෙරමුණ ඔසවන ලද දූෂණයට එරෙහි සටන් පාඨය දැන් දූෂිතයන් අරගෙන... යැයි අද පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසීය..
ඇලෝසියස්ව අත්අඩංගුවට ගත් රහස සහ දූෂණ විරෝධී ඩොලර් කපුටන්ගේ බොරු
අසරණ සරණ ජනාධිපති මෛත්‍රීපාල ගහන ගහන ගැටේ ලෙහෙන්නට පටන් ගෙන තිබේ. සිරස කිලී මහරාජාගේ උපදෙස් අනුව බැඳුම්කරයක් අල්ලාගෙන එජාපයට කෙළවා දැමීමට ගත් උත්සාහය දැන් ආපිට කැරකැවෙමින් තිබෙන්නේය. පහුගිය ටිකේ කිලීගේ ගෝලයෝ රොත්ත හා තමන් ළඟ තියාගෙන සිටින උපදේශක බයියන් හා ඔවුන්ගේ මිතුරන් යොදාගෙන බැඳුම්කරය ගැන පට්ටපල් බොරු තොගයක් සමාජ ගත කළේය. ගෝල බාලයන්ගේ වැඩ මදි නිසා ජනාධිපධිවරයා විසින්ද බැඳුම්කර වාර්තාවේ නිර්දේශයන් යැයි කෙබර තොගයක් සමාජ ගත කරනු ලැබිය.
Next Voice Media Acadamy රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදන පුහුණු පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානය 2018 ජනවාරි මස 28 දින පැවැත් විය. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් සහ හඬ කැවීම් ශිල්පීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
අගමැති, රනිල් ශ්‍රේෂ්ඨයි.. සිරිසේන ඔයා විගඩමක් වෙලා
දේශපාලන ජෝකරයකු බවට පත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන අධ්‍යක්ෂණය කරනු ලැබු බැඳුම්කර නාටකයේ අවසන් ජවනිකාව අද උදෑසන සිට රඟදැක්වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව අර්ජුන් ඇලෝසියස් හා එම සමාගම් නිලධාරී කසුන් පලිසේනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
"උඹ මොනවද බොන්නෙ ?"
"උඹ මොනව බිව්වත් මෙහෙ තියෙන්නේ ප්ලේන්ටී විතරයි"
ජවිපෙ, කොට්ඨාස 500 ක් දිනන බව රාජ්‍ය බුද්ධි අංශ ලාල්ට කියලා.
එළඹෙන පළාත්පාලන ඡන්ද විමසීමෙන් පළාත්පාලන මැතිවරණ කොට්ඨාස 500ක ජයග්‍රහණය ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන බව රාජ්‍ය බුද්ධි අංශ පවසන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේඩී ලාල්කාන්ත මහතා පවසයි.
2020 ගෝඨා එනවා ! අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගනී !!
මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ඔහු අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කර ඇති බවත් ඒ ඉදිරියේදී ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසා සිටී.
ජවිපෙ දූෂණයෙන් තොරද..? කතිකාචාර්ය විජයානන්ද රූපසිංහ
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි රාවය පුවත්පතේ සිය තීරු ලිපියෙන් යෝජනා කර තිබුණි. එහි තර්කය වූයේ අනෙක් පක්ෂවල දූෂිත ස්වභාවයත් 1990න් පසු දැන් තිබෙන්නේ "වෙනස්" ජනතා විමුක්ති පෙරමුණක් බැවින් අතීත ක්‍රියාකාරකම් නොසලකා ඊට ඡන්දය ලබාදීම ගැටළුවක් නොවන බවයි.
