අන්තිමට බැඳුම්කර විවාදෙන් වුණේ ජනාධිපති පීචං වීම පමණි

Published in පුවත්
Tuesday, 06 February 2018 22:28

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මැතිවරණ වේදිකාවක සිට සිංහ ලීලාවෙන් අගමැතිවරයාට අභියෝග කළේ පුලුවන්නම් බැඳුම්කර විවාදේ පෙබරවාරි 10 වෙනිදාට පෙර පවත්වන ලෙසය. එසේ කීවේ දේශපාලන තක්කඩිකමටය.

එදාට තමන්ගේ ශ්‍රීලනීප ඇමැති සෙට් එක රනිල් හොරා හොරා කියනු ඇති බව ඔහු සිතුවේය..රාජපක්ෂගේ සෙට් එකයි ජෙවීපී සෙට් එකයි ඒකටම සෙට් වී රනිල් හොරා හොරා කියනු ඇති බවත් ඔහු සිතුවේය.. මේ නිසා බැඳුම්කර විවාදයට බයේ අගමැතිවරයා පැන දුවනු ඇතැයි කල්පනා කළේය. වේදිකාවෙන් පල්ලෙහා හිටපු මිනිස්සු සිතුවේ අගමැතිවරා හොරා නිසා විවාදේ පැවැත්වීමට බිය වනු ඇතැයි කියාය. ඒ මොහොතේදී තමන්ගේ ජනාධිපති ඔවුන්ට වීරයා විය.

ඒත් ඊට පහුවදා අගමැතිවරයා කිසි ගානක් නැතුව කීවේ ඔන්න අපි 08 වෙනිදා විවාදේ දෙනවා කියාය.. ජනාධිපතිගේ සිංහ සෙයියාව අතුරුදන් විය.. ඊට පස්සෙ හෙංචයියන් ටිකක් දමා කෑගැස්සුවේ මැතිවරණ නිශ්ක්‍රීය කාලයක් නිසා ඒ විවාදය පැවත් වූවාට මිනිස්සුන්ට ඒවා දැන ගන්න බැරිවෙන කතාවකි. ඊට පස්සෙ අගමැති ඒ 06 වෙනිදාට දින දුන්නේය..

බැඳුම්කරයෙන් අගමැතිවරයාට හෝ එජාපයට මඩ ගැසීමට හැකි වුණත් තර්කානුකූලව විවේචනයක් ගෙන එමට තරම් කරුණු තිබුනේ නැත . ජනාධිපතිවරයා ඇතුලු අගමැති විරෝධීන් දිගින් දිගටම මඩ ගැසුවා මිස ඇත්ත කාරණය ගැන කිසිවක් කිවේ නැත. මේ නිසා විවාදයෙන් ඇණ ගන්න වෙන බවද ජනාධිපතිවරයා දැන උන්නේය. ඇලොසියස්ව අත් අඩංගුවට ගෙන නඩුවක් පටලවා ඒ විවාදයට ගැනීම වැලැක්වීමට අන්තිම තුරුම්පුව ද ගැසුවේය. එහෙත් පාර්ලිමේන්තු පුර්වාදර්ශයක් පෙන්වමින් නෑ.. විවාදය කළ හැකි බව කතානායකවරයා තීරණය කළේය..

රටම බලාපොරොත්තු වූයේ 06 වෙනිදා පාර්ලිමේන්තුවේ මහ කාල ගොට්ටියකි.. රනිල්ට වචනයක් කතා කරන්න ඉඩ නොදී හොර හොරා කියනු ඇතැයි කියාය. ජනාධිපතිගේ සෙට් එකම වැඩේට බහිනු ඇතැයි කියාය..

අද 06 වෙනිදාය. බැඳුම්කර විවාදයක් කියා එකක් පැවැත් විනි. හැබැයි මන්ත්‍රීවරු 10කට 12කට වඩා හිටියේ නැත. ඒ විවාදයෙන් පලක් නැති බව කලින්ම ඔවුන් තේරුම් ගෙන සිටියා සේය.රාජපක්ෂගේ සෙට් එකටත් ඒ වගේ වගක් නැති විය..ඒ අනිත් කොමිසම් වාර්තාව නිසා විය හැකියි... එජාපයේ රවී කරුණානායකත් එරාන් වික්‍රමරත්නත් සාරගර්භ දීර්ග කතා පවත්වා ඒ පැත්තේ වැඩේ ගොඩ දාගත්තේය. ඊට එරෙහිව හීන් කෙදිරි ගෑම් මිස කිසිවක් ආවේ නැත.

අඩුම තරමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරු 10 ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි විය. ඒ තරමට අද ජනාධිපතිවරයා අසරණ විය. පීචන් විය.

Last modified on Tuesday, 06 February 2018 22:36

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us