ජවිපෙ සටන් පාඨය හොරු උස්සලා..ජවිපෙන් චෝදනා

Published in පුවත්
Monday, 05 February 2018 22:46

මෛත්‍රීපාල සිරිසේන මහතා මොට්ට කඩුව වන වනා දූෂණ විරෝධය ගැන කතා කරනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා බලයට ඇවිත් දූෂිතයන්ට දඬුවම් දෙන බව කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෙත් ඒකමයි. ජනතා විමුක්ති පෙරමුණ ඔසවන ලද දූෂණයට එරෙහි සටන් පාඨය දැන් දූෂිතයන් අරගෙන... යැයි අද පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසීය..

එම මාධ්‍ය හමුවේදී මෙසේද අදහස් පලවිය


ඔවුන් මැතිවරණයේදී මොන ආකාරයට දූෂණයට එරෙහිව කතා කළත් මැතිවරණයෙන් පසුවත් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්වී දූෂණ විරෝධී ප්‍රබල මහජන ව්‍යාපාරයක් ගොඩනඟනවා. ඊට අත්තිවාරම මේ මැතිවරණය ඔස්සේ දමාගෙන අවසන්. මහින්ද රාජපක්ෂ මහතා මේ මැතිවරණයට ආවේ, රට බෙදන බව කියමින්. ඒ වගේම ඔහු අගමැති කරවන බව කියමින්. දැන් ඒ සටන් පාඨය වෙනස් කරලා. අගමැති කිරීම ගැන කතාකරන්නේ නැහැ. රට බෙදීම ගැන කතාවෙන්නෙත් නැහැ. එක දෙයක් කියන්න ඕනෑ. මැතිවරණවලදී විතරක් නොවෙයි, ඕනෑම අවස්ථාවකදී ඕනෑම ආකාරයකින් එන රට බෙදීමේ ව්‍යාපාරවලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ නැගී සිටිනවා. ඒ ඕනෑම බලවේගයක් පරාජය කරනවා. රාජපක්ෂ මහත්තයාට දැන් සටන් පාඨ ඉවරයි.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ රට හැදුවා වගේ ගම හදන්නත් බලය දෙන්න කියලයි. ආණ්ඩු බලය තියෙන අයටම ගමේ බලය දෙන්න කියලයි. ආණ්ඩු බලය දීලා අවුරුදු 3ක් වෙනවා. රට අන්ත ප්‍රපාතයකට වැටිලා. වංචාව - දූෂණය දැවැන්ත වේගයකින් මතු වෙනවා. මේ අයටම ගමේ බලය දුන්නොත් ගම හපයක් කිරීම පමණයි ඔවුන්ට කළ හැක්කේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us