අගමැති, රනිල් ශ්‍රේෂ්ඨයි.. සිරිසේන ඔයා විගඩමක් වෙලා Featured

Published in පුවත්
Sunday, 04 February 2018 09:27

දේශපාලන ජෝකරයකු බවට පත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන අධ්‍යක්ෂණය කරනු ලැබු බැඳුම්කර නාටකයේ අවසන් ජවනිකාව අද උදෑසන සිට රඟදැක්වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව අර්ජුන් ඇලෝසියස් හා එම සමාගම් නිලධාරී කසුන් පලිසේනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

හොරකමක් වංචාවක් ගැන අපරාධමය චෝදනාවක තිබේ නම් ඒ වෙනුවෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වීමේදි සැකකරුවන් අත් අඩංගුවට ගැනීම නීතියේ අවශ්‍යතාවයක් වන නිසා ඒ ගැන මොකුත් නොකියමු.

එහෙත් ප්‍රශ්නය තියෙන්නේ තවත් බිලියන ගනනින් චෝදනා තිබෙන රාජපක්ෂ පවුලේ හා ඔවුන්ගේ හිතවතුන් ජනාධිපති සිරිසේන විසින් ආරක්ෂා කරමින් පැවතීමය. ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවට ගැනීමෙන් වැලැක්වීමට ඔහුට විදේශ ගතවන ලෙස උපදෙස් දුන්නා යැයි කීවේ ජනාධිපතිවරයාගේ රෙද්ද අස්සේම රිංගාගෙන සිටින බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රියය. බැඳුම්කර චෝදනාව රුපියල් කෝටි 68 ක් පමණි. ඩොලර් බිලියන ගනන්  කොල්ල කෑ වුන්ට නඩු තියා කොමිසමක්වත් නැත.

එසේම බැඳුම්කර ගණුදෙනුවේ සත්‍ය පාඩුව ගනනය කිරීමේදී එය රුපියල් කෝටි  68 ක් ‍නොව 30 ක්වත් වන්නේ නැති බව ඒ ගැන ප්‍රමාණික විද්වතුන් පවසයි. ඒ පාඩුව එසේ වූවද අනෙක් පැත්තෙන් බැඳුම්කර වෙලඳාමේන් රජය රු බිලියන 25 කට වැඩි ලාබයක් ලබා ඇති බව චූදිත පාර්ශ්වය ගනන් හිලවු ඇතිව පෙන්වා දී ද තිබේ. ජනාධිපතිවරයාගේ රු බිලියන 11 පාඩු කතාව කරුණු කාරනා විකෘති කරන ලද මුලු මනින්ම ගොතන ලද බොරුවකි.

බැඳුම්කර නාටකය මුලසිටම නිර්මාණය කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි දේශපාලනික මෙහෙයුමක් ලෙසය. මෙහි නිශ්පාදකවරයා වන්නේ සිරසේ කිලී මහරාජාය. කිලී මහරාජා සල්ලි වලට ඕනෑම දහඩුරා වාඩක් කරන ජවිපෙ මෙහි ප්‍රධාන චරිතයක් කළේය. මෛත්‍රීගේ උපදේශක ශිරාල් ලක්තිලකගේ දූෂණ විරොධී එන්ජීඕ කපුටු මිත්‍රයෝ මෙහි අනෙක් පසීන් කෑකො ගැසුවේය.. ඒ ද මහරාජාගේ සල්ලි වලටය කෑදර කමෙනි.ශ්‍රීලනිපය තමන්ගේ නමට ලියා ගැනීමේ  මෝඩ දේශපාලන උගුලක පැටලී සිටින මෛත්‍රීපාල සිරිසේන කල්පනා කළේ එජාපයට තඩි බෑමෙන් මහින්ද රාජපක්ෂ චින්තනය වලඳ ගැනීමේන් එය සිදු කළ හැකි බවය.  එහෙත් දැන් සිදුව තිබෙන්නේ මෛත්‍රීපාලගේ තක්කඩිකම හෙළිදරව් වීමය. එළඹෙන පළාත්පාලන මැතිවරණ ප්‍රතිපලය විසින් ඔහුගේ සියලු රෙදි ද ගලවා දමනු ඇත. ශ්‍රීලනීපය දේශපාලනයෙන් අතුගා දැමීම මෛත්‍රීපාල විසින් සිදු කරනු ඇත.

ඒ මොක වුණත් අවසානයේ තමන්ගේ දේශපාලනික බංකොලොත්කම මිසක් මෛත්‍රීට පෙන්විය හැකි වූ වෙනත් ඉටි ගෙඩියක් නැත. රනිල් ගේ පරිණත දේශපාලනය හා කෙසේවත් පෑහෙන්නට නොහැකි දේශපාලන පඹයකු වූ මෛත්‍රී වේදීකාගානේ නන් දොඩවන ජෝකරයකු වුණා මිස පරිණත දේශපාලකයකුගේ ලක්ෂණ පෙන්නුම් කිරීමට ඔහුට හැකි වූයේ නැත. අර පොලොන්නරුවේ බයියාම මිස වෙනකකු ඒ වේදිකාවේ සිටියා යැයි කිසිවකුට පැවසිය හැකි නම් ඒ මෛත්‍රීගේ උපදේශක බයියකුට මිස වෙනෙකෙකුට නොවේ.

මේ මොහොතේ විශේෂයෙන්ම සඳහන් කළ යුතු දේ නම් අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පරිණතබාවය ගැනය. මෛත්‍රී නන්දොඩවනකුව සියලුම රාජ්‍ය මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය හරහා විගඩම් පෙන්වනකු වන විට.. රනිල් ඉතා සුක්ෂම ලෙස දේශපාලනය හැසිරවීය. තමන්ටත් තම පක්ෂයටත් එල්ල වූ බැඳුම්කර බොරු චෝදනාවෙන් පක්ෂය ගලවා ගැනීමට ඔහු සමත් විය.

මෛත්‍රීගේ සෘජු දේශපාලන බලපෑම අනුව ක්‍රියාත්මක වූණත් නීතිය ක්‍රියාත්මක වීමට ඔහු ඉඩ හැරියේය. තම පක්ෂය යටතේ සිටින ඇමැතිවරයකු යටතේ තිබෙන පොලිසියට බලපෑමකින් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ හැරියේය. ඔහු තමන් විශ්වාස කරන යහපාලනය වෙනුවෙන් පෙනී සිටියේය. අධිකරණය හමුවේ මේ ප්‍රශ්නය බේරා ගැනීමට ඉඩ හැර තිබේ.. ඒ අතින් ඔහු ශ්‍රේෂ්ඨයෙකි.

දැන් ජනාධිපතිවරයාට තිබෙන්නෙ තමන් කරන බිලියන් 11, බොරු චෝදනාව අධිකරණය හමුවේ ඔප්පු කර පෙන්වීමය. මෙය සිදු කළ හැකි නොවන බව ඉතා පැහැදිලි කරුණකි. මෙය තමන්ගේ දේශපාලනික පරාජය හමුවේ මෛත්‍රී රට නොමඟ යැවු බොරු ප්‍රකාශයකි. මේ මෛත්‍රීගේ අසමත් භාවයයි.

මෛත්‍රීපාල සිරිසේන යනු රාජපක්ෂලා සමඟම ඉතිහාසයේ කුණු බක්කියට වැටීමට නියමිත දේශපාලන පිළිලයක් බව මේ වන විට ඔප්පු කරමින් තිබෙන සත්‍යකි. දේශපාලන ගේම් ගැසීම දක්ෂතාවයක් වූවද අවසානයේදී ඒ රටේ යහපතට නොවෙන්නෙ නම් ඒ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නම් ඒ ගේම් වලින් වැඩක් වෙන්නෙ නැත.

 

 

Last modified on Sunday, 04 February 2018 09:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us