subash

subash

සිරිසේන ජනාධිපතිවරයා ඊයේ (16) රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයා ලෙස පිළිගැනීම කරමින් පැවැත්තූ කතාව ගැන විවිධාකාර අදහස් පළ වෙමින් තිබේ. රනිල්ට හොඳ කණේ පාරක් ගැසුවාය රනිල්ගේ රෙදි ගැලෙව්වාය යනාදී වශයෙන් එය අගය කිරීමත් සිරිසේන අභූත චෝදනා නගමින් අන්දොනාවක් ප්‍රකාශයට පත් කළාය යනුවෙනුත් අදහස් පළවී තිබේ.

තමන් විසින් සිදු කළ කුප්ප කුමන්ත්‍රණය පරාජය වීමෙන් පසුව වෙන කරකියා ගන්නට දෙයක් නැතිව ගලේ පැහැරූ බළලාගේ තත්වයට ඇද වැ‍ටුනු සිරිසේනට අද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස ප්‍රකාශ කිරීමට සිදුවීම හැර වෙන කරන්න දෙයක් ඉතුරු වී තිබුණේ නැත..

සිරිසේන ජනාධිපතිවරයා ජනවාරි 08 ජයග්‍රහණය පාවා දීමෙන් කළකිරීමට පත් ශ්‍රිලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙනම කණ්ඩායමක් ලෙස පසුගිය කාලයේ කටයුතු කළේය. 

අගමැතිධුරය කොල්ල කෑමේ කුමන්ත්‍රණයෙන් මහින්ද රාජපක්ෂට පට්ට පජාත ලෙස පරාජය බාරගෙන යෑමට සිදු වූයේ බැසිල් රාජපක්ෂ ඊට අවශ්‍ය සහයෝගය ලබා නොදී අසාර්ථක වීමට ඉඩ හැරිය නිසා බවට ගෝඨාබය පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.

2015 ජනාධිපතිවරනයේ පරාජයේ සිට මේ දක්වා මහින්ද දිගටම පැරදුනේය. ගහපු ගහපු දහං ගැට වැරදුනේය. තිබෙන බල පෙරේතකම නිසා 14 වෙනි දින හවසයාමය දක්වාත් හොර අගමැතිධුරයේ කෙසේ හෝ එල්ලී සිටීමට වලි කෑවේය.හෙට ද එය වෙනස් වනු ඇත්දැයි කිව නොහැක.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර නම් පුද්ගලයා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

The politics of a plot to kill Sri Lanka's president

Published in English
Friday, 14 December 2018 16:57

A plot to kill the president, links to foreign intelligence, a rogue police officer and a missing sniper: the snippets of news emerging from Sri Lanka in recent weeks seem plucked from the pages of paperback fiction.

ජනාධිපතිවරයා සිය තුරුම්පු සියල්ල අවසන් කර ගැනීමෙන් පසු ඔහු සහ ඔහුට හිතවත් පාර්ශවයන් මීලග වැඩ පිලිවෙල වශයෙන් මැතිවරණයක් ඉල්ලා ජනමත විචාරණයක් පැවැත්වීම ගැන දැන් අලුත් කතාවක් පටන් ගෙන ඇත. ජනමත විමසුම කුමන කාරණයකට පවත්වන්නේද යන්න අපහැදිලි තත්වයකි.

පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා සිටින රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශකවරයකු අප වෙත පවසා සිටියා.

පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

Connet With Us