සිරිසේන යනු තමන් ගොබ්බයෙක් බව පිළිගන්නා විලිලැජ්ජාවක් නැති අවංකයෙකි Featured

Sunday, 16 December 2018 22:35

තමන් විසින් සිදු කළ කුප්ප කුමන්ත්‍රණය පරාජය වීමෙන් පසුව වෙන කරකියා ගන්නට දෙයක් නැතිව ගලේ පැහැරූ බළලාගේ තත්වයට ඇද වැ‍ටුනු සිරිසේනට අද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස ප්‍රකාශ කිරීමට සිදුවීම හැර වෙන කරන්න දෙයක් ඉතුරු වී තිබුණේ නැත..

මේ මෝඩ ගමේ බයියාගේ මොට්ට දේශපාලන තීන්දු තීරණ වල ගොබ්බකමේ ප්‍රමාණය ගැන අද ඔහු විසින් සිදු කළ ප්‍රකාශයෙන්ද පැහැදිලිය. තමන් ගත් තකතීරු පියවරයන් සියල්ල රටේ නීති විශාරදයන්ගේ උපදෙස් මත ගත්ත බව පෙන්වන්නට උත්සාහයක් ද කර තිබිණි. ඒ කමක් නැත. එහෙත් මෙහිදී තවත් බරපතල ගොන් කතාවක් කියා ඇත. ඒ මෙසේය

'....රට තුළ ඇතිවූ දේශපාලන අර්බුදයේ දී එය විසදා ගැනීමට ඇති හොඳම ක්‍රමය ඡන්දයකට යාම බව තමා විශ්වාස කරන අතර, පාර්ලිමේන්තුවේ 122 කට වඩා රටේ ලක්ෂ 155 ක් වූ ඡන්ද දායකයින්ගේ ඡන්දය ජනතා පරමාධිපත්‍යයේ තීරණාත්මක සාධකය සහ රට සහ ලෝකය පිළිගන්නා බැවින් තමන් ලක්ෂ 155 ක් වූ ඡන්ද දායකයන්ට බලය ලබාදීමට ගැසට් නිවේදනයක් නිකුත් කළා...'

පළමු කාරණය රට තුල ඇතිවී තිබූ දේශපාලන අර්බුදය කුමක්ද යන්නයි. අප දන්නා තරමින් රටේ දේශපාලන අර්බුදයක් තිබුණේ නැත. රටේ විධායකය ලෙස ජනාධිපතිවරයාට හිමි බලතල ප්‍රකාරව ඔහු කටයුතු කරමින් තිබූ අතර ආණ්ඩුව ලෙස පාර්ලිමේන්තුවේ එජාප ශ්‍රීලනීප හවුල් ආණ්ඩුවක් ක්‍රියාත්මක විය. එසේම කැබිනට් මණ්ඩලයද ගැටලුවකින් තොරව ආණ්ඩුවේ තීන්දු තීරණ ගනිමින් කටයුතු කළේය. එම තීන්දු තීරණ ගැනීමට පෙර වාද විවාද මත ගැ‍ටුම් ඇතිවීම සාමාන්‍ය ක්‍රියාවලියක් වන අතර ඒවා සමනය කර ගනිමින් ආණ්ඩුවට ඉදිරිගාමී පියවරයන් රැසක් තැබිමට හැකි විය. අකුලා ගත් වැඩ සටහන්ද තිබිණි. එ්කෙසේ නමුත් විසඳා ගැනිමට නොහැකි මරාන්තික සටන් ආණ්ඩුවේ තිබුණේ නැත. ජනාධිපතිවරයා විටින් විට පිස්සු කෙලීම හා රාජපක්ෂ කඳවුර හා සම්බන්ධකම් පැවැත් වූ හොර තකක්ඩියන් කිහිප දෙනා කඩාකප්පල්කාරී ලෙස හැසිරෙනු දකින්නට තිබිණි..

එහෙත් ඒ ග‍ැටුම්කාරිත්ව ශ්‍රීලනිපයේ අභ්‍යන්තර අර්බුධයක් විනා ආණ්ඩුවේ හෝ වෙනත් දේශපාලන අර්බුදක් වූයේ නැත. ජනාධිපති සිරිසේනගේ නොහැකියාවන් සහ මහින්ද රාජපක්ෂගේ බල පෙරේතකමත් ඒ කඳවුරු දෙකේ බත් බැලයන්ගේත් කුල්ල කා ගැනීම සහ මිත්‍ර කම් විසින් ඇති කරන ලද අර්බුද ආණ්ඩුව විසුරුවා හැරීමට තරම් හේතු වූයේ නැත. එජාපය කොහොමත් පාර්ලිමේන්තුවේ බහුතරය සතු කණ්ඩායම වන අතර . ශ්‍රීලනීපය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වූවා නම් ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ ව්‍යවස්ථාව අනුව බහුතර හිමි කණ්ඩායමට ආණ්ඩුවක් කරගෙන යෑමේ හැකියාව තිබේ දැයි විමසා ඒ අනුව ගත යුතු පියවර ගැනීමය. ඒ තබා අගමැති රනිල් වික්‍රමසිංහගේ ධුරය ඉවත් කිරීමේ බලයක් ඔහුට තිබුණේ නැත.

රටේ දේශපාලන අර්බුදයක් තිබුණා කියා සිරිසේන කියනවා නම් ඒ ඔහු විසින්ම නිර්මාණය කළ දේශපාලන අර්බුදයයි. ඔහු කියන එක කාරණයක් නිවැරැදිය.. ඒ දේශපාලන අර්බුදය නිසා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළා.. යනුවෙන් කරන ප්‍රකාශය නිවැරදිය.. මහින්දව අගමැති කර බලය පැහැර ගැනිමට කළ කුමන්ත්‍රණය පරාජය වූවාට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහු කටයුතු කළේ වෙන කරන්න දෙයක් නැති නිසාය. එයද නීති විරෝධීය.

පාර්ලිමේන්තුවේ 122 කට වඩා රටේ ලක්ෂ 155 කගේ ජනතා පරමාධිපත්‍යය ගැන ඔහුට කොහෙදෝ අමාරුවක් තිබුණ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සාධාරණ බව කියන්නට ඔහු වෙහෙසක් ගෙන තිබිණි.

මේ අමුම අමු ගොන් කතාවකි. ජනතා පරමාධිපත්‍ය කියන්නෙ කුමක්ද කියන කාරණයවත් සිරිසේන නොදන්නා බවට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත..මේ රටේ ක්‍රියාත්මක වන මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මිශ්‍ර ආණ්ඩුක්‍රමය ගැන මේ ලෝක සංසාර දෙයක් මේ මෝඩ මනුස්සයා දන්නේ නැති බව පැහැදිලිය. ඒ මදිවට එය ලෝකයාත් පිලිගනන්වා යැයි තවත් තකතීරූ කතාවක් ද ඇද බා තිබේ.ජනතා පරමාධිප්‍යය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ කියන්නේ මැතිවරණ පැවැත්වීමට නොවේ. මැතිවරණ කියන්නේ එය ප්‍රකාශයට පත් කිරීමට යොදා ගන්නා ක්‍රමවේදයයි. එය කිසිවෙකුගේ හිතුමනාපෙට කළ හැකිද නොවේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යයික බලය ක්‍රියාත්මක වන්නෙ කෙසේදැයි පැහැදිලිව සටහන් කර තිබේ. පාර්ලිමේන්තුව සතුව එහි ව්‍යවස්ථාදායක පරමාධිප්‍ය බලය ක්‍රියාත්මක වන බව මේ මෝඩයා දන්නෙ නැත. එය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් ප්‍රකාශයට පත් වන බව දන්නේ නැත. මන්ත්‍රීවරු 122 ක් කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයයි.. ජනතාවගේ ව්‍යවස්ථාදායක පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක විය යුත්තේ ඔවුන්ගේ මූලික කැමැත්තේන් බව සිරිසේනට අවබෝධයක් නැත. ඒ කැමැත්ත නොවිමසා ලකෂ 155ක කැමැත්ත විමසනවා කියන්නෙ මේ අනවබෝධය නිසාය. එයද කරන්න හැදුවේ ව්‍යවස්තාවට පිටින් ගොස් නීති විරෝධීවය. මෙය පැහැදිලිවම තකක්ඩිකමකි.

ජනාධිපතිවරයා සතුව තිබෙන බලයද ජනතා පරමාධිපත්‍යයේ විධායකය නියොජනය කරන බලයයි. ඒ බලය වැරදි ලෙස පාවිච්චි කිරීමද ජනතා පරමාධිපත්‍යයට එරෙහිව යෑමකි. ව්‍යවස්ථාදායෙකයේ තීරණය නොපිලිගෙන තමන් සතුව තිබෙන බලය වැරැදි විදිහටත් පාවිච්චි කරමින් කටයුතු කිරීම කෙසේවත් නිවැරදි වන්නෙ නැත. එය දැන් ජනතාවගේ අධිකරණමය පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන අධිකරණය විසින් නිවැරදි නොවන බව පෙන්වා දී ඇත, ඒ අනුව දැන් ලක්ෂ 155 මතය විමසිය යුත්තේ ජනාධිපතිවරයාගේ කටයුතු ගැනය. නිවැරදි නම් දැන් ජනාධිපතිවරණයක් කැඳවීම විය යුතුව තිබේ.
ජනාධිපතිවරයාට තමන් විසින් පවසනු ලබන දෙයෙහි පරස්පරයන් තිබෙන බවත් නොවැටහේ. ඔහුට පිස්සු යැයි මතයක් ගොඩ නැගුණේ මේ නිසාය. මෙය පිස්සුවක් නොවේ අමු ගොබ්බ කමයි.

එහෙත් කිසිදු විලි ලැජ්ජ්ජාවක් නොමැතිව සිරිසේන තමන් ගොබ්බයෙක් බව කියන්න තරම් අවංකයෙක් බව ඔහුගේ මේ කතන්දර අහන අයෙකුට කියන්නටද හැකිය. එහෙත් එය බරපතල අනතුරක් බව කිව යුතුය. මන්ද මේ සෙල්ලම් කරන්නේ කෝටි දෙකක ජනතාවගේ ජීවිත සමඟය.

සිරිසේන කියවන මේ කතන්දර ලියා දෙන ගොබ්බ උපදේශකයන් හැමදාමත් සිරිසේනව ලෝක විහිලුවක් බවට පත්කර තිබේ. කොහෙ ගිහින් කට ඇරියත් සිරිසේන ගේ කටින් ගොබ්බ කතාවක් පැනීම ජන්මයෙන්ම එන පුරුද්දක් වෙන්න ඇති බව ඔහුගේ දියණියගේ ජනාධිපති තාත්තා පොත කියවන විටත් හැ‍ඟෙන කාරණාවකි. ඊටත් හරියන්නම ගොබ්බ උපදේශයක් පිරිසකුත් ඔහුට හමු වී ඇත. ..නිල වශයෙන් පෙනී සිටින උපදේශයන් මෙන්ම සැඟවී සිටින උපදේශකයකුත් ඔහුට ඇති බව ඒ දිනවල සමාජ ජාලා වල තොරතුරු පළවී තිබිණි. දාර්ශනික පිස්සෙක් ලෙස හඳුන්වනු ලබන මේ තැනැත්තාගේ අතීත කෙරුවාවන් හා සිරිසේනගේ කෙරුවාවන් අතර ලොකු වෙනසක් නැත. සිරිසේනටම හරියන මේ උපදේශකයන් සමඟ තවදුරටත් රට වැසියන් නොමඟ යවමින් පිස්සුම කෙලිමින් කරන මේ නරි නාඩගම් ඉක්මනින් අවසන් කළ යුතුය. මෙහෙම ගොබ්බයෝ රටක පාලනයට පත් වූ කළ වෙන්නෙ කුමක්ද යන ගැන හොඳම උදාහරණය සිරිසේන විසින්ම පෙන්වා දී ඇති නිසා හැකි ඉක්මනින්ම මේ සිරිසේනත් ඔහුගේ ගොබ්බ නඩයත් රාජ්‍ය පාලනයෙන් පළවා හැරීම කළ යුතු වෙයි.

එසේම මේ ගොබ්බකම් වලට යළි ඉඩ නොදෙන්න ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය ප්‍රකාශයට පත්කරන ඡන්දය ලබා දීමේදී වඩ වඩාත් සැලකිලිමත් විය යුතුව තිබේ. මෙ සියලු අර්බුදයන් හී මුලිකම වැරද්ද කරනු ලබන්නේ ජනතාව විසින් බව යළි යළිත් කිවයුතු නැත. එය නිවැරදි කිරීමේ වගකීමද ජනතාව සතුය. විධායකය ව්‍යස්ථාධායකය සහ අධිකරණය යනු ජනතා පරමාධිපත්‍යයට යටත් ආයතන වේ. ඒවා ජනතාව විසින් පිහි‍ටුවා ලූ ආයතන වේ. එ්වා ක්‍රියාත්මක විය යුතු ආකාරය ජනතාව විසින් පිළිගැනීමට ලක් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සටහන්ව තිබේ. ඒ අනුව සියල්ල සිදු විය යුතුය. එය අභිබවා යෑමට විධායකයට ව්‍යස්ථාදායකයට හෝ අධිකරණයට නොහැකිය. එම නිසා තමන්ගේ අයිතිය ජනතාව නිවැරදිව පාවිච්චි නොකරන්නේ නම් තව තවත් සිරිසේනලා මෙන්ම මහින්දලාත් බිහිවීම සිදුවනවා මෙන්ම ඔවුන් මේ ජනතා පරමාධිපත්‍යයික බලය කෙලසනු ද ඇත.

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us