නීචත්වයෙන් අගතැන්පත් විලි ලැජ්ජාවක් නැති දේසපාලුවා..මහින්ද රාජපක්ෂය. Featured

Friday, 14 December 2018 20:52

2015 ජනාධිපතිවරනයේ පරාජයේ සිට මේ දක්වා මහින්ද දිගටම පැරදුනේය. ගහපු ගහපු දහං ගැට වැරදුනේය. තිබෙන බල පෙරේතකම නිසා 14 වෙනි දින හවසයාමය දක්වාත් හොර අගමැතිධුරයේ කෙසේ හෝ එල්ලී සිටීමට වලි කෑවේය.හෙට ද එය වෙනස් වනු ඇත්දැයි කිව නොහැක.

මහින්දට ආණ්ඩු බලය අල්වා ගැනීමට ඕනෑ වූයේ රට ගැනවත් ජනතාව ගැනවත් ඇති අමුතු කැක්කුමක් නිසා නොවෙයි. රාජපක්ෂලා විසින් ඔවුන්ගේ පාලන සමයේදි හප කර දැමූ රට යළි ගොඩ නැගීම පසුගිය වසර තුන තුලදී සිදුවෙමින් පැවැතියෙය. අසීරු අභියොග රැසක් හමුවේ පුරවැසියා පීඩාවට පත් වීම අවම කර ගනිමින් අතුරේ යනවා මෙන් මේ ගමන ආවේය. ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලු සහගත බවක් ඇතිව තිබුණේ නැත. රාජපක්ෂලා විසිනි වපුරපු බොරුව හැර ආණ්ඩුවට එරෙහිව බරපතල විවේචන තිබුණේ නැත.එල්ල වූ විවේචන හමුවේ ඒවා වෙනස් කිරීමට නිවැරදි කිරීම්ට අවස්ථා ගනනාවකදී කටයුතු කළ බව කුහකකමකින් තොරව පිළිගත යුතුයි.

මහබැංකු බැඳුම්කරය සම්බන්ධ චෝදනාවද පැවැති ක්‍රමවේදයේ අවුලක් මිස වංචාවක් නොවන බව පැහැදිලිය. ඒ නිවැරදි කරන්නටද ආණ්ඩුව කටයුතු කළේය. ආණ්ඩුවට එරෙහිව වන චෝදනා මඟ හැර යනවා වෙනුවට වැරද්ද නිවැරදි කරන්නට කටයුතු කළේය. ඒවා සරළ නැත. පැවැති යාන්ත්‍රණයේ අඩුපාඩු නිවැරදි කිරීම පහසු වූයේ නැත. රාජ්‍ය නිලධාරීන්ගෙන් එල්ල වූ අභියෝගය සියල්ලට වඩා බරපතල වූ බව දකින්නට තිබූ සත්‍ය තත්වයයි. රාජපක්ෂ යුගයේ රාජපක්ෂලාගේ ඉඳුල් කන්නට පුරුදු වැඩිමනත් නිලධාරීන්ට යහපාලනය දිරවා ගත නොහැකි විය. සියල්ල කඩාකප්පල් කිරීමෙහි සූක්ෂමව කටයුතු කළබව රහසක් නොවෙයි.

රටේ සංවර්ධනය නියම පාරට ගෙන ඒමට විධිමත්ව කටයුතු සැලසූව බව සැඟවිය නොහැක. රාජපක්ෂ යුගයේ මහා කොමිස් ජාවාරමක් බවට පත්ව තිබූ ඊනියා සංවර්ධනය වෙනුවට දීර්ග කාලින සැලසුම් අනුව පිලිවෙලකට ඒ සියල්ල සැකසීම වෙමින් පැවැතිනි. සියලු ක්ෂෙත්‍රයන් අලලා ඒකාබද්ධ සමාන්තර සංවර්ධන සැලසුම් සකස්ව තිබිණි. මේවා පහසුවෙන් කළ වැඩ නොවේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂෙත්‍රයේ මහා පිම්මක් පැනීමට යහපාලනයට හැකි විය. එවායේ ප්‍රතිපළ අද සියලු රට වැසියා බුක්ති විඳියි. නීතියේ යහපාලනය සුරක්ෂිත කළ බව ඊයේ පෙරේදා ලැබුණු නඩු තීන්දුවලින්ම පැහැදිලිය. සියලු ජනතාවගේ නිදහස අයිතිවාසිකම් රැකීමට කටයුතු කර තිබේ. ගමට සැබෑ සංවර්ධනය ගෙන යෑමට දැවැන්ත ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාවට නඟා තිබිණි. මෙ ලෙස තවත් දිගු ලැයිස්තුවක් මෙතන සටහන් කළ හැකිය. මේවා සිදු කළේ ද ජනාධිපති සිරිසේන සහ නඩයේ මෝඩ බලපෑම බාධකිරීම මධ්‍ය බවත් සටහන් කර තැබිය යුතුයි.

රටේ අභිවෘද්ධියට පැහැදිලිවම ඉදිරි පියවර කිහිපයක් තබා තිබිය දී රාජපක්ෂලට ආණ්ඩුව පෙරළා දැමිමට උවමනා විය. ඊට හේතු වූයේ වෙන කිසිවක් නොව රාජපක්ෂාලාගේ දූෂණ වංචා අපරාධ සම්බන්ධයෙන් තිබුණු චෝදනාය. මේ වෙන කොට එම විමර්ශන අවසන් කෙරී අධිකරණය හමුවේ විභාග වන නඩු රැසකින්ම රාජපක්ෂලාට දඬුවම් විඳිමට සිදුවන බව පැහැදිලි වෙමින් තිබිණි.

රාජපක්ෂලාට අවශ්‍ය වූයේ මෙය වලක්වා ගැනීමයි. එසේ නොමැතිව මළ හදිස්සියේ ඉතිරිව තිබෙන අවුරුද්දක හමාරක පමණ කාලය ගෙවෙන්නට පෙර ආණ්ඩුවක් පෙරළා දැමීමේ වෙන අවශ්‍ය තාවයක් තිබුණේ නැත. තමන්ට එරෙහිව චෝදනා වලට දඬුවම ලැබෙනු ඇති බවට රාජපක්ෂලා බිය වූයේ 2015 ජනවාරි 08 පරාජයට පත්වූ දාමය. එදා ද කුමන්ත්‍රණ කාරී ලෙස තව දුරටත් බලය පවත්වාගෙන යෑමට ගත් උත්සහය රහසක් නොවේ. දිගින් දිගටම ආණ්ඩුව පෙරලා දැමිමට උත්සාහයන් ගනනාවක් දැරූ බව කිසිවකුට අමතක වන්නට හේතුවක් නැත.

එහෙත් 2015 පරාජයෙන් පසුව මහින්ද දිගින් දිගටම පරාජයට පත් වූවා මිස ලබා ගත් ජයග්‍රහණයක් නැත.

මෛත්‍රීපාල සිරිසේන ජනධිපතිවරයාව මෝඩයා කර යළි බලය පැහැර ගැනීම වෙනුවෙන් දියත් කළ කුමන්ත්‍රණය ද අවසානයේ එකින් එක හෙළිදරව් වෙමින් පැරදුම් පිට පැරදුම් වාර්තා කළා මිස වෙන මොකවත් වූයේ නැත. කොටින්ම තමන්ගේ පාක්ෂකයාගේ පවා පිලිකුලට පාත්‍ර වෙන තරමට රාජපක්ෂ කූජිත විය.

අවසාන මොහොත දක්වාම මළ පෙරේතයකු සේ බලය අල්වාගෙන සිටීමට මහින්ද දරණ උත්සාහය අවංක දේශපාලකයකුට නොවටිනා කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නැත. කුමන්ත්‍රණකාරී ලෙස රටේ නීතිය බල්ලට දමා රජ වීමට ගත් උත්සාහය මේ රටේ මැත කාලීනව දේශපාලන නායකයකු විසින් සිදු කළ නිලජ්ජිතම ක්‍රියාව බව කිසිදු චකිතයකින් තොරව පැවසිය හැකිය.

පනස් වසරක පමණ දේශපාලන ඉතිහාසයක්, මහා අත්දැකීම් රාශියක් ඇති මහින්ද මෙතරම් පහත් නීච තත්වයට ඇද වැටීම අතිශය කණගා‍ටුදායකය. බලය පැහැර ගත්තද ඔහුව ලෝකයේ කිසිදු රාජ්‍යකින් පිලිගත්තේ නැත. මේ රටේ පාක්ෂික විපාක්ෂික බහුතර ජනතාව ද ඔහුව පිලිගත්තේ නැත.

මහින්ද ඉතිහාසයේ වීරයකු වීමට තිබූ අවස්ථාව විහින් නැති කරගෙන ඉතිහාසයේ කුණු බක්කියට බැසීම තමන් විසින්ම සිදු කර ගෙන තිබේ. මහින්ද අදහන මෝඩ බැතිමතුන් හැර තව දුරටත් මහින්ද දේශපාලකයකු ලෙස මොළ කලඳක් ඇති කිසිවකුත් පිළිගන්නෙ නැත. ඔහු රටට කොඩි විනයක් වී හමාරය.රටට පිළිලයක් වී හමාරය. රාජපක්ෂ නාමය ඇසෙන විට අපුලක් දැනෙන්නට තරම් ඔහු ඒ රාජපක්ෂ පවුලේ ප්‍රෞඩත්වයද විනාශ කළේය. නැවත රාජපක්ෂවරයකුට මේ රටේ වැදගත් විදිහට දේශපාලනය කිරීමට තිබූ අවස්ථාවද නැති කළේය. පවුලේ දේශපාලන උරුමය දැන් සී සී කඩය. යළි එය එකතුකර ශක්තිමත් කිරීම යම් තරමකින් හෝ අවස්ථාවක් තිබේ නම් ඉදිරි මාස කිහිපය ඇතුලත එයද විනාශ කරගනු ඇත. ඒ මහින්ද පසුගිය දිනවල නැටූ විගඩම් වල හැටියට වෙන මොකවත් වන්නේ නැති බව සහතික නිසාය.

මහින්දට විලි ලැජ්ජවක් කියා දෙයක් දැනෙන්වා නම් දැන් කළ යුත්තේ නම්ඹු ඇතිව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමය. තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටීමය. මැඳමුලන බංගලාවේ පිල් කඩේ හාන්සිපුටවකට වී කකුල් දෙක දිග හැරගෙන පහසුවෙන් සැහැල්ලුවෙන් සිටීමින් ජීවිතේ සැඳැ සමය ගත කරනවාට වඩා සුවපහසුවක් වෙන කොතනික්වත් ඔහුට නොලැබෙනු ඇත.

Last modified on Friday, 14 December 2018 20:56

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us