subash

subash

මෙරට පුද්ගලික අංශය නියෝජනය කරන වානිජ මණ්ඩල ප්‍රධානින් පිරිසක් ඊයේ (03) ජනාධිපති සිරිසේන හමු වී තිබෙනවා. එහිදි වර්තමාන දේශපාලන අර්බුදය තූළ වැඩෙක බරපතල සමාජ හා ආර්ථික බලපෑම පිළිබඳව ඔවුන් සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කර තිබුණා.

ජනාධිපති සිරිසේන පසුගිය මාස කිහිපය ඇතුලත කටයුතු කළ ආකාරය අනුව බැලු බැල්මටම යම් මානසික ව්‍යාධියකින් පෙලෙන බව මනෝ වෛද්‍යවරු ලෙස තමන්ට හැඟී යන බවත් ඔහු දරණ තනතුර අනුව එලෙස රෝගී තත්වයකින් පෙලෙන්නෙ නම් මහා විනාශයකට ඒ හේතු විය හැකි බැවිනුත් ඔහුගේ මානසිකත්වය පරික්ෂා කිරීම සඳහා අවසරයක ලබා දෙන ලෙස ඉල්ලමින් මනෝ වෛද්‍යවරු කණ්ඩායමක් එළඹෙන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.

ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්‍රී ලංකාවේ දිගු කාලින විදෙස් මුදල් ඒකක නිකුත් කිරීමේ ‍(IDR)ශ්‍රේණිය පහළ දමා තිබේ. ඒ අනුව මින් පෙර පැවති 'B+'ශ්‍රේණියේ සිට 'B' දක්වා ශ්‍රේණියෙන් පහළට දමා ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස පිළිගැනීම ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය රජකාරියට අයත් වූවද. අද සවස එජාපය හා පැවැති සාකච්ඡාවේ දී එජාපය තමන්ගේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇති බව දැනුම් දී තිබේ.

අද අභියාචණාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය පිළිගන්නෙ නැති බව කියමින් මහින්ද රාජපක්ෂ සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නිකුත් කළ නිවේදන දෙක අනුව මහින්දගේ ජාතිවාදී තක්කඩි දේශපාලනය හෙළිදරව් වේ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් “ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ“ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදි රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ඔවුන් අදහස් පළ කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපහරණය කරමින් සිරිසේන ජනාධිපතිවරයා දියත් කළ කුමන්ත්‍රණයට සම්බන්ධ සියලුම පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවයෙක් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122දෙනෙක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ක්වෝ වොරොන්ටෝ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචානාධිකරණය අද තීරණයක් ලබා දුන්නා. ඒ අනුව අභියාචනාධිකරණය විසින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ඇමති මණ්ඩලයට සිය තනතුරු දැරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ඔස්ට්‍රේලියාවේ වයිට්ලම් රජය විසුරුවා හැරීමේ සිදුවීම සමඟ සන්සන්දනය කිරීමේ දී තත්වය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විධායක ජනාධිපතිවරයාට ඇති බලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව බරපතල වැරදි අවබෝධයක් පවතින බව පෙනී යන කරුණකි.

Comments on the Comparison of the Present Constitutional Question with the Dismissal of the Whitlam Government in Australia

Connet With Us