“ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවක් වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නොවැදගත් ප්‍රකාශයක් සිදු කරමින් රට නොමඟ යැවීමට ගත් උත්සාහය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ සංවිධානය දැඩි සැළකිල්ලක් දක්වනු ලබයි.
19 වන සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධිනත්වය ශක්තිමත් කර ඇති පසුබිමක අප අධිකරණය මත විශ්වාසය තබන අතර දේශපාලනඥයන් සිදු කරන නොමඟ යවනසුළු ප්‍රකාශ මගින් කිසිදු බලපෑමක් ඇති නොවන බව කිව යුතුය. කෙසේ වෙතත් එම ප්‍රකාශයේ ඇති සාමාන්‍ය ජනතාව නොමඟ යවන විදෙස් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කරුණු සම්බන්ධ සාවද්‍ය කරුණු පිළිබඳව අප ප්‍රතිචාර දැක්වීමට කැමැත්තෙමු.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට වඩා ජනතා මතය වෙනස් බව හැඟෙනවා නම් රජතුමාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව ඒ. වී. ඩයිසි ප්‍රකාශ කර තිබෙන බව මහින්ද රාජපක්ෂ පවසා තිබේ.
1885 දි “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය“ කෘතිය ලියමින් ඒ. වී. ඩයිසි සඳහන් කර ඇත්තේ 1784 හා 1834 යන වසරවල එක්සත් රාජධානියේ කිරීටය විසින් ව්‍යවස්ථාදායකය විසුරුවා හැරීම සම්බන්ධයෙනුයි. නමුත් එක්සත් රාජධානියේ කිරීටය සතු මෙකී විසුරුවා හැරීමේ බලය සම්බන්ධයෙන් වෙනස්කම් රාශියක් සිදු කර ඇති බව රාජපක්ෂ සහ ඔහුගේ උපදේශකයින් නොදැන සිටීම පුදුමයට කරුණක් නොවේ. නූතන යුගයේ බ්‍රිතාන්‍ය කිරීටයට අගමැතිවරයාගේ උපදෙස් මත හැර වෙනත් කිසිදු අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. එක්සත් රාජධානියේ කිරීටය සතු අභිමත බලය 2011 ස්ථාවර කාලීන පාර්ලිමේන්තු පනතේ 14 වන වගන්තිය මගින් ඉවත් කරන ලදී.ඒ අනුව ව්‍යවස්ථෘදායකය විසින් මැතිවරණයක් වෙනුවෙන් 2/3ක බහුතරයකින් ඉල්ලා සිටින තෙක් මැතිවරණයක් කැඳවිය නොහැක.
එසේ මැතිවරණයක් කැඳවිය හැකිවන්නේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වී දින 14ක් ඇතුළත ඒ අනුව පිහිටුවන නව ආණ්ඩුව දින 14ක් තුළ සිය බහුතරය පෙන්විය යුතුය. නමුත් අලිඛිත ව්‍යවස්ථාවක් ඇති එක්සත් ජනපදය මෙන් නොව ශ්‍රී ලංකාවේ මෙය පැහැදිලිව වෙන් කර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ලිඛිතව සටහන් කර ඇත.
එසේම රාජපක්ෂ සිය ප්‍රකාශයේ 1975 දී ඔස්ට්‍රේලියාවේ අගමැති ගාස් වයිට්ලම් මහතාව අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉවත් කිරීම සහ නැවත මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් ද ප්‍රකාශ කර තිබුණි. මෙය සැබෑ සත්‍යයනේ දුරස්ථය. ශ්‍රී ලංකාවේ මෙන් නොව ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රි මණ්ඩල 2ක් තිබේ. ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 57 වගන්තිය අනුව නියෝජිත මන්ත්‍රි මණ්ඩලය විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතක් සෙනෙට් මණ්ඩලය විසින් සම්මත කිරීම ප්‍රතික්ෂේප කළ විට හෝ අසමත් වූ විට අග්‍රාණ්ඩුකාරවරයාට මෙම මන්ත්‍රි මණ්ඩල දෙකම විසුරුවා හැරිය හැකිය.
නමුත් සම්මුතිය අනුව ඔහුට එසේ කළ හැකි වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පමණි. 1975 වසරේදි නියෝජිත මන්ත්‍රි මණ්ඩලය විසින් සම්මත කර තිබියදීත් විසර්ජන පනත් කෙටුම්පත් දෙකක් සෙනෙට් මණ්ඩලය විසින් සම්මත කිරීම ප්‍රතික්ෂේප කරන ලද්දේය.
එහිදි අග්‍රාමාත්‍ය වයිට්ලම් මෙම විසුරුවා හැරීම ප්‍රතික්ෂේප කළ අතර අග්‍රාණ්ඩුකාරවරයා විසින් වයිට්ලම්ව ධුරයෙන් පහ කොට විපක්ෂ නායක මැල්කම් ෆ්රෙසර් භාරකාර අගමැතිවරයා ලෙස පත් කරන ලදි. ඒ පනත් කෙටුම්පත් සෙනෙට් මණ්ඩලය හමුවේ සම්මත කර ගැනීම හා මන්ත්‍රි මණ්ඩල දෙක විසුරුවා හැරීමේ පොරොන්දුව මතය. එය සිදු කිරිමට පෙර අග්‍රාණ්ඩුකාරවරයාට අත්‍යවශ්‍ය තත්වයන් යටතේ අග්‍රාමාත්‍යවරයෙක් පත් කළ හැකි බව අගවිනිසුරුවරයා උපදෙස් දුන්නේය. අනතුරුව අග්‍රාණ්ඩුකාරවරයා විසින් වයිට්ලම් අගමැතිවරයාව ඉවත් කළ අතර විපක්ෂ නායක ෆ්රේසර්ව පත් කොට ඔහුගේ උපදෙස් මත මන්ත්‍රි මණ්ඩල දෙක විසුරුවා හරින ලදි.
එසේම රාජපක්ෂ මහතා පැවසුවේ 1970දි සහ 1979දි ඉන්දියාවේ ජනාධිපතිවරයා ලෝක් සභාව විසුරුවා හැරි බවයි. නැවතත් එය සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බව කිව යුතුය. 1970දි ජනාධිපති වී.වී. ගිරි විසින් අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ උපදෙස් මත ලෝක් සභාව විසුරුවා හැරියේ කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලීමකට අනුව කොංග්‍රස් පක්ෂය බිඳ වැටීමෙන් පසුවය. එය සුළුතර ආණ්ඩුවක් වුවද එය එරට ව්‍යවස්ථාදායකය තුළු කිසිදු ගැටළුවකදි පරාජයට පත්ව නොමැත. 1979 විසුරුවා හැරීම වනාහි අගමැති චරන් සිං ගේ උපදෙස් මත සිදු කරන ලද්දේ ලෝක් සභාව බිඳ වැටී තිබූ පසුබිමකදීය.
මෙහිදි අවධාරණය කළ යුතු වන්නේ ශ්‍රී ලංකාවේ මෙම විසුරුවා හැරීමේ තත්වය සම්බන්ධ විධිවිධාන තරමක් දුරට වෙනස් බවය.අප සතුව තිබෙන්නේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ රජයක් නොවන දෙමුහුන් ආකෘතියක් බව පැවසිය යුතුය. ඒ අනුව ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි ක්‍රියා කළ නොහැක. ඔහුගේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිත විධිවිධානවලින් සීමාවන්ට ලක් කර තිබන බව කිව යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ සංවිධානය වෙනුවෙන්,
ලාල් විජේනායක
කේ. එස්. රත්නාවලි
ලක්ෂාන් ඩයස්
සුදත් නෙත්තසිංහ
හරිෂ්ක නඩේෂන්
ප්‍රබෝධ රත්නායක
2018 දෙසැම්බර් 03
( සිංහල පරිවර්තනය - සුපුන් භාග්‍යා වීරකෝන් )