subash

subash

කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිර යන්න පටන්ගත් වකවානුවෙහිම එහි බලපෑම ශ්‍රී ලංකාවටත් සිදුවෙනු ඇති බවට සෞඛ්‍ය අංශ වලත් වෙනත් ප්‍රාමාණික දැනුම් ඇත්තන්ගේ මත පලවිණි.

නීති විරෝධී ලෙස දුම්රිය රක්ෂිතවල ඉඩම් අත්පත් කරගත් හා ඒවායෙහි පදිංචි වී සිටින දුම්රිය සේවකයින් 329 දෙනකුට එරෙහිව නඩු පැවරීමට හා අදාළ විනය පියවර ගැනීමට තීරණය කර ති බව ප්‍රවාහන අමාත්‍යාංශ සදහන් කරනවා.

දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු වගකිවයුතු නිලධාරීහු කිහිප දෙනෙක්ද ඒ අතර බව සදහන්

පසුගිය 27 වැනිදා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්ෂිත ඉඩම්වල පදිංචි වී සිටින එම සේවකයන් සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව රැස්වී මෙම නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළ තීරණය ගෙන තිබේ.

පසුගිය මාසයේ මෙම කමිටුව රැස්වූ අවස්ථාවේ දී මේ ගැන සොයා බලා සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කමිටුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නියෝග කළ අතර සාමාන්‍යාධීකාරීවරයාගේ උපදෙස් මත මේ දුම්රිය මාර්ග අංශයේ නිලධාරීන් හා හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් විමර්ශන සිදුකර ඇත. අනවසර පදිංචිකරුවන් යැයි හඳුනාගත් දුම්රිය සේවකයින් සිටින ඉඩම්වල හතරමායිම් මැනීම් කර වෙන් වෙන් වාර්තා දෙන්නැයි මිනින්දෝරු අංශවලට මෙහිදී උපදෙස් ලබා දී ඇත. වාර්තා ලැබීමෙන් පසු මොවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කිරීමට ඇමැති අනුකාරක කමිටුව මෙහිදී තීරණය කර ඇත.

-පංචාලි අබේසේකර

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එන්නත්කරණ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබේනවා.

කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ (28) දින වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරනවා.

උමා ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය 2020 වසරේ ලොව හොඳම භූගත ව්‍යාපෘති හතර අතරට තේරී පත්ව තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර තිබූ ජනාධිපති කොමිසන් සභාවේ වැඩ කටයුතු ඊයේ දිනයේදී අවසන් කරනු ලැබුවේය. ඒ අනුව එළැඹෙන ජනවාරි 31 වන දින එහි වාර්ථාව ජනාධිපතිවරයා වෙත ලැබීමට නියමිතය.

ඕස්ට්‍රලියාවේ පදනම් කරගත් ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන ලොවී ඉන්ස්ටිටියුට් (lowy institute) නම් ආයතනය මගින්, කොරෝනා වසංගතය මර්දනයේ දී ඉහළම සාර්ථකත්වයක් පෙන්නුම් කළ දස වෙනි රට ලෙස ශ්‍රීලංකාව නම් කර තිබේ.

වතු හාම්පුතුන් හා වතු වෘත්තීය සමිති අදාළ කොන්දේසිවලට එකඟ වී සමූහික ගිවිසුමකට පැමිණීම සඳහා තවමත් කාලය තිබෙන බවත්, එය දීර්ඝ කාල­යක් නොවිය හැකි බවත් දෙපාර්ශ්වයටම එකඟත්වයකට පැමිණීමට නොහැකි වුණොත් වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ වැටුප් වැඩිවීම පඩිපාලක සභා මඟින් ක්‍රියාත්මක කෙරෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා ප්‍රකාශ කළේය.

ඉහළම ලකුණු ලබා ගත් සිසුන්ට අවස්ථාව දීම සඳහා වෛද්‍ය, දන්ත වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා, කළමනාකරණ හා තාක්ෂණ යන පීඨ සඳහා තවත් සිසුන් අටසියයක් පමණ වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

බස්නා­හිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) සිට 'කොවිඩ් මර්දන එන්නත' එන්න­ත්ක­ර­ණය කිරී­මට සැල­සුම් කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර තිබේ.

Connet With Us