subash
කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රතිදේහ වර්ධනය වී ඇත්නම් නිරෝධායනයෙන් මුදාහැලේ
කොවිඩ් 19 ආසාදිතයින්ගේ ප්‍රතිදේහ වර්ධනය වී ඇත්නම් නිරෝධායනයෙන් මුදාහල හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සදහන් කරනවා.
එම මාර්ගෝපදේශ මාලාවට අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ප්‍රගතියක් ඇත්නම් පී.සී.ආර් පරීක්ෂණයේ සිට 10 වැනි දිනයේදී ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටවිය හැකි බවත් එවැනි සුව වන ආසාදිතයින් තව දින 04 ක් නිවසේ රැඳී සිටිය යුතු බවත් සදහන්.
වැඩිහිටි නිවාස, හෝටල් හා බන්ධනාගාරගතව සිටින ආසාදිතයින්ට 10 වැනි දිනයෙන් පසු ගෙවෙන දින 04 ප්‍රතිකාර මධ්‍යස්ථානයේම රැඳී සිටීමට සිදු වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
-පංචාලි අබේසේකර
අනුරලා දේශපාලන පළිගැනීම් කළ බවට හොඳම සාක්ෂිය ඇත්තේ නිශ්ශංක ළඟය.
යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් 22 කට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට යහපාලන සමයේ වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසම නිර්දේශ කර තිබීම ගැන සියල්ලටම පෙර ජනතා විමුක්ති පෙරමූණ තමන්ගේ විරෝධය පළකර ඇත.
චම්පික රණවකගේ 2024 ජනාධිපති සිහිනය වෙනුවෙන් පසුගියදා අටවා ගන්න ලද 43 වෙනි සේනාංකය සමඟ සිටි පිරිස් රැසක් එම සේනාංකය හැර යෑමට පටන්ගෙන තිබේ. මීට හේතුව වී ඇත්තේ 2024 ජනාධිපති අපේක්ෂකයාවීම වෙනුවෙන් තමන් සාමාජිකයකුව සිටි සියලු පක්ෂ හා කණ්ඩායම් වෙතින් ඉවත්ව තනි ගමනක් යන බව කියමින් මහා සංදර්ශනයක් කිරීමට සිටි චම්පික අවසානයේදී ඒ සියල්ල හැරදා යළි සජිත් ප්‍රේමදාසගේ දෙපතුල ළඟ ඇද වැටීමට ගත් තීන්දුව නිසාය.
මහනුවර අංකුඹුර පොලිස් ස්ථානායේ පොලිස් නිලධාරීන් 7කට කොවිඩ් !
මහනුවර අංකුඹුර පොලිස් ස්ථානායේ පොලිස් නිලධාරීන් 7ක් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග එම පොලිසියේ සේවයේ සිටි පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.
මානව හිමිකම් සම්බන්ධයෙන් මෙරට සමග සමීපව කටයුතු කරන්න යුරෝපා සංගමය එකඟවේ
මානව හිමිකම් සහ ප්‍රතිසංවිධාන ගැටලු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ මෙරට රජය එකඟ වී තිබේ.
විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වන්න ! අගමැතිගෙන් උපදෙස්
මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට තොග වෙළඳුන්ගේ විරෝධය
භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා.
කොවිඩ් ආසාදනය වූ 07 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා රේගුවේ දූෂණ වංචා අක්‍රමිකතා තුරන් කර එම ආයතනය හරහා රටට ලැබිය යුතු ආදායම නියමාකාරයෙන් ලබා ගැනීමත් කාර්යක්ෂම සේවයක් සලසා දීම වෙනුවෙනුත් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ පසුගියදා කළුතර වළල්ලාවිට පැවැති ජන හමුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රේගු නිලධාරී වෘත්තිය සමිති වල විරෝධය පළවී තිබේ.
ඉන්දීය කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය හෙට දිවයිනට
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය හෙට (28) පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිතයි.
