මහනුවර අංකුඹුර පොලිස් ස්ථානායේ පොලිස් නිලධාරීන් 7කට කොවිඩ් !

Published in පුවත්
Wednesday, 27 January 2021 12:14

මහනුවර අංකුඹුර පොලිස් ස්ථානායේ පොලිස් නිලධාරීන් 7ක් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග එම පොලිසියේ සේවයේ සිටි පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

එහි දැනට රාජකාරි කටයුතු සදහා වෙනත් නිලධාරීන් පිරිසක් සේවයේ යෙදවීමට කටයුතු කළ බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ ප්‍රකාශ කර ඇත.

මේ අතර පල්ලම නගරයේ රාජ්‍ය බැංකුවක මුදල් අයකැමිවරයෙකුට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් එම බැංකුව තාවකාලිකව වසා දමා තිබේ.
එම ආසාදිතයා මාරවිල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි සදහන් වෙන්නේ.

මේ‌ හේතුවෙන් එම බැංකු ශාඛාවේ සේවය කරන 13දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති අතර, එම පරීක්ෂණ වාර්තා පැමිණෙන තුරු ඔවුන් ස්වයං නිරෝධායනය යොමු කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

මෙම මුදල් අයකැමිවරායාගෙන් සේවය ලබාගත් පාරිභෝගිකයින් පිළිබදවද සෞඛ්‍ය අංශ විසින් තොරතුරු රැස්කරමින් සිටියි.

ඊයේ (26) දිනය තුළ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 755 දෙනෙකු අලුතින් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පුද්ගලයින් අතරින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රීලාංකිකයන් වන අතර ඉතිරි පුද්ගලයින් 748 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 369කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80 ක් ලෙස වාර්තා වේ.

අනෙක් ආසාදිතයින් 175 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 18කින් නව කොවිඩ් ආසාදිතයින් එලෙස වාර්තා වී ඇත.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59,921කි.

ඉන් පුද්ගලයින් 51,048 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,588 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙරට තුළ වාර්තා වී ඇති කොවිඩ් - 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 288 ක් දක්වා ඉහළගොස් ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us