subash

subash

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් යාචකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ (31 වැනිදා) සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.

තවත් කොරෝනා ආසාදිත මරණ 03ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 316ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (01) පෙරවරු 11.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදිමට නියමිතයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින වෛරසය ආසාදනය වූ සහ නිරෝධායනය වෙමින් සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් දිස්ත්‍රික්ක විසි පහටම විශේෂ මධ්‍යස්ථාන විසි පහක් ස්ථාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

"අපට වරාය දියුණු කරන වැඩසටහනක් තිබුණා. මේකෙදි අපි ජපානයයි ඉන්දියාවයි එක්ක ඒකාබද්ධ ගිවිසුමක් අනුව ක්‍රියා කළේ.

වෛරස් රෝග පර්‌යේෂණ මධ්‍යස්ථානයක් අප රටට නොමැති නිසා එවැනි මධ්‍යස්ථානයක් ඇති කරන ලෙස තමා ආණ්ඩුවට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරනවා.

මියන්මාරයේ පාලනය තමන් යටතට පවරාගත් බව එරට යුද හමුදාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේනවා.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමක් හෝ බදු දීමක් සිදුනොවන අතර එය රජයේ පාලනය යටතේ පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

Connet With Us