subash
චීන සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට
චීනයේ නිෂ්පාදිත සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට ගෙන්වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කර තිබේ.
දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම.
පසුගිය රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේය.
නිදහස් දින උලෙළට යන්න හැදූ මාධ්‍යවේදීන් 18 කට කොරෝනා.
අද උදෑසන පැවැති ජාතික නිදහස දින උලෙළ ආවරණය සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි මාධ්‍යවේදීන් 200 කට අධික පිරිස අතරින් 18 දෙනෙකුට කොරෝනා අසාදනය වී තිබු බව පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.
කොරෝනා අසාදනය නිසා ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා ආසාදනය වී තිබිම හේතුවෙන් ඒ මහතා පසුගියදා නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා තිබිණි.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූවේ ඔහුය.
ඔබ ඉල්ලා සිටි නායකයා මමයි...! එහෙම කියන්න පුලුවන් කාටද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද නිදහස් දින කතාවේ කළ වැදගත්ම ප්‍රකාශය ''ඔබ ඉල්ලා සිටි නායකයා මමයි'' යන උදාන වාඛ්‍යයය. සමස්ත කතාව තුලම තිබුණ සෙසු සියල්ල මේ ප්‍රකාශය නැවත නැවත අවධාරණය කිරීමකි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුටත් ගැලවී යාමට ඉඩ දෙන්නේ නැහැ - නිදහස් සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කරයි !
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින් අද (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.
73වන නිදහස වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්
73 වන නිදහස් දිනයට සමගාමීව යුද හමුදා නිලධාරීන් 337 දෙනෙකු සහ සෙසු නිලයින් 8266 දෙනෙකුට උසස්වීම් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ලබාදීම තීරණයකර තිබේනවා .
ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවා ඇති අතර "ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව" විසින් නව මෙහෙයුම් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
කොළඹ වරායේ බටහිර පර්යන්තය BOT ක්‍රමවේදයට ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ද විවිධ පාර්ශ්ව විරෝධය දක්වා තිබේ.
පාස්කු සහ දේශපාලන පලිගැනීම් වාර්තා සම්බන්ධයෙන් ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි
පාස්කු ප්‍රහාරය පිළිබඳ හා දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවත්වීමට ඊයේ (01) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
