පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුටත් ගැලවී යාමට ඉඩ දෙන්නේ නැහැ - නිදහස් සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කරයි !  

Published in පුවත්
Thursday, 04 February 2021 10:47

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින් අද (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

එ මහා අපරාධය සැලසුම්කළ හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවීයාමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා එ පිලිබදව දැක්වූ අදහස්,

"රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා." යනුවෙන් සදහන් කර ඇත.

මේ අතර තමා සිංහල බෞද්ධ නායකයෙක් බවත් එය ප්‍රකාශ කරන්නට තමා කිසිවිටෙකත් මැලි වන්නේ නැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

"මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුවයි. සෑම ආගමකටම, සෑම ජාතියකටම නිසි ගෞරවය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුළ සෑම ආගමිකයෙකුටම සහ සෑම ජාතිකයෙකුටම රටේ පවතින නීති රාමුව තුළ එක හා සමාන නිදහස භුක්ති විඳීමේ අයිතිය තියෙනවා. මම රටේ ජනතාවගෙන් සෑම විටම ඉල්ලා සිටින්නේ විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියලා," යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us