73වන නිදහස වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්  

Published in පුවත්
Thursday, 04 February 2021 10:26

73 වන නිදහස් දිනයට සමගාමීව යුද හමුදා නිලධාරීන් 337 දෙනෙකු සහ සෙසු නිලයින් 8266 දෙනෙකුට උසස්වීම් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ලබාදීම තීරණයකර තිබේනවා .

ඒ අනුව බ්‍රිගේඩියර්වරුන් 14 දෙනෙකු මේජර් ජෙනරාල් තනතුරුවලටත්, කර්නල්වරුන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුරුවලටත්, ලුතිනන් කර්නල්වරුන් 35 දෙනෙකු කර්නල් තනතුරුවලටත් උසස් කරනු ඇත.

එමෙන්ම මේජර්වරුන් 34 දෙනෙකු ලුතිනන් කර්නල් තනතුරු වලටත්, කපිතාන්වරුන් 206 දෙනෙකු මේජර් තනතුරුවලටත් උසස් කර ඇති බවද වාර්තා වේ.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම තනතුරට පත්වීමෙන් පසු වාර්තාගත ලෙස නිලධාරින් විශාල පිරිසකට උසස් වීම් ලබාදීම විශේෂත්වයකි.

අද වනවිට මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ ක්‍රියාවලියක් බවත් ජාතීන් අතර සමගිය වර්ධනය කරගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයක් බවත් 73 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us