බටහිර ජැටිය දෙනවටත් වෘත්තීය සමිතිවල විරුද්ධයි

Published in පුවත්
Wednesday, 03 February 2021 14:16

කොළඹ වරායේ බටහිර පර්යන්තය BOT ක්‍රමවේදයට ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ද විවිධ පාර්ශ්ව විරෝධය දක්වා තිබේ.

ඒ අනුව රජයේ තීරණයට එරෙහිව අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් පාර්ශව කිහිපයක් අද (03) පෙරවරුවේ සංවිධානය කර තිබුණි.

කොළඹ වරාය ආසන්නයේ සහ කොටුව දුම්රියපොළ ඉදිරිපිට එම වැඩසටහන ක්‍රියාත්මක වු බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

මේ අතර මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවි ඇති බව වාර්තා වේ.

ඊයේ පැවති එම හමුවලදී කොළඹ නැගෙනහිර වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පිළිබඳ ව සාකච්ඡා වි ඇති බව ඉන්දියාවේ The Hindu පුවත්පත පැවසීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පුර්ණ හිමිකාරිත්වය සහිත පර්යන්තයක් ලෙස සංවර්ධනය කර මෙහෙයුම් සිදුකිරිමට රජය මේ වනවිට තීරණය කර තිබේ.

ඉන්දියාව සහ ජපානය සමග එක්ව නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම සඳහා 2019 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකා රජය සමග ත්‍රයිපාර්ශ්වික ගිවිසුමකට එළඹ තිබුණි.

නමුත් එම පර්යන්තයේ කොටස් 49%ක් චීන සහ ජපාන පාර්ශ්ව වෙත වසර 35කට පැවරීමට එරෙහිව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දැක්වූ විරෝධය හමුවේ රජය තම තීරණය හකුළා ගත්තේය.

ඒ වෙනුවට, බටහිර පර්යන්තය ජපාන හා ඉන්දීය රජයන් විසින් නම්කරනු ලබන පාර්ශවයන් සමග එක්ව සංවර්ධනය කර ක්‍රියාත්මක කිරිමට තීරණය වි තිබේ.

එය සංවර්ධනය කිරීමෙන් අනතුරුව වසර 35ක කාලයක් කොළඹ වරායේ බටහිර පර්යන්තය එම දෙරට නම් කරනු ලබන පාර්ශ්ව විසින් මෙහෙයවීම සිදුවේ.

මේ අතර රජයන් විසින් එළඹි ගිවිසුම් මෙලෙස අත්හිටුවීමට පියවර ගැනීම අර්බුදකාරී තත්ත්වයන් හටගැනීමට හේතුවිය හැකි බවට ඉන්දියාවේ ‘ද හින්දු පුවත්පත‘ පෙන්වාදෙයි.

අදාළ ගිවිසුම නතරකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිසි දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවත් ඒ පිළිබඳ එම රජයන් විසින් දැනුවත් වී ඇත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයෙන් පසුව බවත් හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

කොළඹ නැගෙනහිර ජැටිය සංවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් 700ක් පමණ වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us