subash

subash

 ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවා දමා ඇති බව මහා බැංකුව සඳහන් කරයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා නේවාසිකාගාරවලට පැමිණි සිසුවියන් තුන්දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව විසින් විශේෂ ණය පහසුකම් යටතේ ඉන්දියානු මහබැංකුවෙන් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදල පියවා තිබෙන බව වාර්තා වෙනවා.

මෙම ණය මුදල මහබැංකුව විසින් පසුගිය 2 වන දා පියවීමටයි කටයුතු කර ඇත්තේ. එම ණය මුදල කල් පිරීමට නියමිතව තිබුණේ ද පසුගිය 2 වන දායි.

මේ දූපතට 'ඉන්දියන් සාගරයේ මුතු ඇටේ' කියා නොලියපු නොකියපු කිසිවකුත් මේ රටේ නැති බව විශ්වාසය.

එළඹෙන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

කෑගල්ල බන්ධනාගාරයේ A4 අංශයේ විශේෂ සිර මැදිරියේ රඳවා ඇති පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සන්තකයේ තිබී දුරකථන තුනක් සොයාගෙන ඇත . බුද්ධි අංශ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රී 8.45ට පමණ මෙහෙයුම සිදුකර තිබේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට වාරි කර්මාන්තය දියුණු කිරීම අරමුණුකර ගනිමින් වාරි සෞභාග්‍යා වැඩසටහන ක්‍රියාවට නැංවීමේ සමාරම්භය සනිටුහන් කෙරුණේ උතුරුමැද පළාතේ මහ ඇළ ව්‍යාපෘතියේ වාරි උමගේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

අල්ලස් චෝදනාවක් යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (05) නියෝග කල බව වාර්තා වේ.

කොවිඩ් මර්දනය සඳහා වන එන්නත් ලබා දී අවසන් කරන දකුණු ආසියානු කලාපයේ මුල්ම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ‘හුවමාරු ණය’ (SWAP) ඉන්දියාවට වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර පැයක පමණ කාලයක් ඇතුළත ඉන්දියාව විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයකින් ​මෙම දැනුම්දීම කර ඇතැයි පැවසේ.

Connet With Us