හිටපු සහ ඉන්න අමාත්‍යවරුන්ගේ නඩු වලට අද මොකද වුණේ ....  

Published in පුවත්
Friday, 05 February 2021 12:43

අල්ලස් චෝදනාවක් යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (05) නියෝග කල බව වාර්තා වේ.

විවෘත අධිකරණයේ අධිචෝදනා පත්‍ර හා ඇමුණුම් භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබේ.

මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකරුවන්ට විදේශගත වීම තහනම් කරන බවත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවත් නියෝග කළේය. මෙම නියෝගයේ පිටපතක් ආගමන හා විගමන පාලකවරයාට සහ කටුනායක ගුවන් තොටුපල වෙත යොමු කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කරමින් කියා සිටියේය.

මෙම නඩුවේ විත්තිකරුවන්ගේ ඇප තැබීමේ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා නඩුව නැවත ලබන 12 වනදා කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග අතර නඩුව විභාග කිරීම සඳහා සියලු කටයුතු සම්පූර්ණ කර තිබේදැයි පරික්ෂා කිරීම සඳහා එය අප්‍රේල් මස 01 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

මේ අතර අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 41කට අධික මුදල් හා වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වුයේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කෙරුණු නඩුවක වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් එම නඩුවට අදාළව විමර්ශන සිදුකළ විමර්ශන නිලධාරියාගෙන් සාක්ෂි හා හරස් ප්‍රශ්න සටහන්කර ගැනීම සිදුකෙරුණි.

අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන්කර ගැනීම ලබන 12 වනදා සිදුකිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

2004 වසරේ සිට 2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 41කට අධික මුදල් හා වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේදී අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us