උතුරුමැද පළාතේ මහ ඇළ ව්‍යාපෘතියේ වාරි උමගේ ඉදිකිරීම් ඇරඹේ.  

Published in පුවත්
Friday, 05 February 2021 13:03

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට වාරි කර්මාන්තය දියුණු කිරීම අරමුණුකර ගනිමින් වාරි සෞභාග්‍යා වැඩසටහන ක්‍රියාවට නැංවීමේ සමාරම්භය සනිටුහන් කෙරුණේ උතුරුමැද පළාතේ මහ ඇළ ව්‍යාපෘතියේ වාරි උමගේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මොරගහ කන්ද සහ කළු ගග වාරි ව්‍යාපෘතියේ ජලය උතුරුමැද හා වයඹ පළාත්වලට රැගෙන යාම අරමුණුකර ගනිමින් උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය සැළසුම් කෙරුණා. එහි පළමු අදියර කිලෝමීටර් 65 ක දිගින් යුත් ඉහළ ඇළහැර මාර්ගය, මොරගහ කන්ද ජලාශයේ සිට හුරුළුවැව ආසන්නයේ ඇති යකල්ල දක්වා ඉදිකිරීමට නියමිතයි. ඇළ මාර්ගය සංවේදී පරිසර පද්ධතීන් හරහා වැටී ඇති බැවින් පරිසරය වහා වන ජීවීන් ආරක්ෂා කිරීම සදහා කිලෝමීටර් 27.7 ක දුරින් යුත් උමං මාර්ගය ඉදිකෙරෙන්නේ රුපියල් මිලියන 43,278 ක් වැය කරමින්.

වසර 4 ක් තුළ ඉදිකිරීම් අවසන් වන මෙම ව්‍යාපෘතියෙන් උතුරුමැද වගාබිම්වලට මහවැලි ජලය ලැබී යල මහ දෙකන්නය වගා කිරීමට ගොවීන්ට පහසුකම් හිමිවනවා .එමෙන්ම වකුගඩු රෝගයෙන් පීඩා විදින ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක්.
මෙම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ සහ එස් එම් චන්ද්‍රසේන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us