covid -19 මර්දනයෙන් ශ්‍රී ලංකාව පළමු තැන ගන්න උත්හාහයක්

Published in පුවත්
Friday, 05 February 2021 09:40

කොවිඩ් මර්දනය සඳහා වන එන්නත් ලබා දී අවසන් කරන දකුණු ආසියානු කලාපයේ මුල්ම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ‘‘ඇස්ට්‍රා සෙනෙකා’’ හෙවත් ‘‘කොවිෂීල්ඩ්’’ එන්නත දිනකට රටේ ජනගහනයෙන් ලක්ෂ 5 ට ලබා දීමට අදහස් කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කළේය.

මේ වන විට අදාළ එන්නත් ලක්ෂ 180 ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඉල්ලුම් කර ඇතැයිද එය කොටස් වශයෙන් මෙරටට ලැබීමට නියමිත බැවින් එසේ එන්නත ලැබෙන පිළිවෙළ අනුව ජනතාවට කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

චීනයේ නිෂ්පාදිත සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ද එළැඹෙන සතියේ මෙරටට ගෙන්වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ජනගහණය ලක්ෂ 220 කට ආසන්න වන අතර මෙම එන්නත මාත්‍රා දෙකක් වන ලෙස එක් පුද්ගලයකුට ලබා දීමට සිදුවේ.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් මිලියන 100 ක මුදලක් වැය කරන බැවින් එන්නත් කිරීම ආරම්භ කිරීමෙන් පසුව පීසීආර් සඳහා වැයවන මුදල සම්පූර්ණයෙන්ම ඉතිරිකර ගැනීමට හැකිවනු ඇතැයිද වෛද්‍ය අමල් හර්ෂ මහතා පෙන්වා දේ. නිරෝධායන කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් බිලියන 110 ක මුදලක් මේ වන විට නිදහස් කර ඇති නමුත් එන්නත් ලබාදීමට එතරම් මුදලක් වැය නොවන බැවින් එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීමේදී මෙම මුදල මුළුමනින්ම ඉතිරිකර ගැනීමට හැකිවන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us