ඉන්දියාවේ කෙනෙහිලිකම් උග්‍රවෙයි. දීපු ණයත් කලින් ඉල්ලයි. Featured

Published in පුවත්
Friday, 05 February 2021 09:08

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ‘හුවමාරු ණය’ (SWAP) ඉන්දියාවට වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර පැයක පමණ කාලයක් ඇතුළත ඉන්දියාව විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයකින් ​මෙම දැනුම්දීම කර ඇතැයි පැවසේ.

කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක්වූ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට හා රටේ මූල්‍ය ස්වාධීනත්වය සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම ලබාදීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව (RBI) සමග ගිවිසුම් අත්සන් කරන ලද්දේ 2020 ජූලි මාසයේදීය. මෙම ණය පහසුකම 2022 වසරේ නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබිණි.

එසේම මෙම ණය මුදල් ආපසු ගෙවීමට සිදුවන්නේ අදාළ කල්පිරීමේ දිනයේ පවතින ඩොලරයේ අගය බැවින් ණය මුදල මේ මොහොතේ ලබාදීමට සිදුවුවහොත් සැලකියයුතු අතිරේක මුදලක් ගේවීමට සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම වසරේ ශ්‍රී ලංකාව ගෙවීමට තිබෙන ඩොලර් බිලියන 7 ක පමණ වන විදේශ ණය වෙනුවෙන් ඉන්දියාව සමඟ තවත් ඩොලර් බිලියන 1ක මුදල් හුවමාරු ණයක් පිළිබඳ සාකච්ඡාවක් මීට මාසයකට පමණ පෙර ඇරැඹී තිබුණද නව තත්වයන් හමුවේ එම බලාපොරොත්තු ද බිඳ වැටී තිබේ.

මේ අතර ඉන්දීය විදේශ ඇමැති එන්. ජයශංකර් එරට රාජ්‍ය සභාව අමතමින් ඊයේ (4 වනිදා) ශ්‍රී ලංකාව එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් දියත් කර තිබිණි. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් අර්ථවත් බලය බෙදා හැරීමක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවිය යුතු බව ඉන්දීය විදේශ ඇමැති පවසා තිබේ. එසේම පසුගිය මාසයේ කොළඹදී ශ්‍රී ලංකාවේ ඉහළම නායකත්වය සමග පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන උනන්දුව තමා අවධාරණය කළ බවද විදේශ ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. ඉන්දීය ධිවරයන් අත් අඩංගුවට ගැනීම ගැනද මෙහිදී වීරෝධය පල කෙරිණි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us