කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 5කට කොවිඩ්

Published in පුවත්
Friday, 05 February 2021 14:52

කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා නේවාසිකාගාරවලට පැමිණි සිසුවියන් තුන්දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

අධ්‍යයන කටයුත්තක් සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණයට යාමට පෙර සිසු සිසුවියන් 10දෙනෙකුට කළ පී.සී.ආර් පරීක්ෂණයකින් අදාළ ආසාදිතයින් 05දෙනා හඳුනා ගෙන ඇත.

අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් කිසිදු වැඩපිළිවෙලක් නොතිබූ බැවින් සිසුන්ට පෞද්ගලිකව එම පරීක්ෂණ කරගැනීමට සිදුවූ බව එම විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමි සඳහන් කරයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් එම චෝදනව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, දැනටමත් නේවාසිකාගාර තුනක නිරෝධායනයට ලක්වන සිසු සිසුවියන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

නිරෝධායනයට ලක්වන සිසු සිසුවියන්ගේ විභාග කටයුතු අදාළ නේවාසිකාගාර තුළ සිටම සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අලව්ව ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් යටිගල්ඔළුව පන්නල පදිංචි 73 හැවිරිදි පිරිමි අයකු නිවසේ දී මිය ගොස් ඇත.

අනතුරුව එම සිරුර කුරුණෑගල ශික්ෂණ රෝහලට ගෙන ගොස් සිදුකළ කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව හදුණාගෙන ඇත.

එම නිවසේ කිසිවකුට කොවිඩ් ආසාදිත වී නොතිබීම සහ මියගිය අය පරිබාහිර සමාජයේ ගැවසීම සීමා සහිත වී සිටි බැවින් වෛරසය අසාදනය වීම පිලිබදව නිශ්චිත අනාවරණයක් කර ගැනීමට අපහසුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඩ් -19 ආසාදිතයින් 706 දෙනෙකු ඊයේ (04) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

ඉන් ආසාදිතයින් 704 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් වනඅතර සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 706 දෙනා අතරින් අසාදිතයින් 277 දෙනෙකු හඳුනාගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් කඩුවෙල , මොරටුව, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස්, කුරුඳුවත්ත, පිටකොටුව, අවිස්සාවේල්ල, පිළියන්දල, නුගේගොඩ, හෝමාගම සහ වැල්ලවත්ත යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 67,115 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ දිනය වනවිට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 684 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 60,567 දෙනෙකු දක්වා ඉහළගොස් ඇත.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිත 6,209 දෙනෙකු තවදුරටත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

මේ දක්වා මෙරට සිදුවූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළගොස් තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us