ඉන්දියාවට සෙකන්ඩ් නොවේ. ඉල්ලු සැනින් ණය ආපහු ගෙවයි !

Published in පුවත්
Friday, 05 February 2021 15:09

 ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවා දමා ඇති බව මහා බැංකුව සඳහන් කරයි.

 

කෙටි කාලීන හුවමාරු ණය (SWAP) පහසුකමක් ලෙස ඉන්දීය රජයෙන් ලබා ගත් මෙම ණය මුදල ගෙවීම සඳහා තවත් මාස කිහිපයක සහන කාලයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිට ඇත. නමුත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය මත ඉන්දීය රජය විසින් එම ණය මුදල වහාම ඉල්ලා සිටි බවට පෙර වාර්තා පළවිය.

එහෙත් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඉන්දියාවෙන් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් නොවු බව මහ බැංකුව සඳහන් කරයි. අනාගත සහයෝගීතා පිළිබඳ ඉන්දියව සමඟ වන සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව බැංකුව වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් මෙම ණය මෙරට ඩොලර් සංචිතවලින් හදිස්සියේ ගෙවීමට හේතුවීම මෙරට සංචිත තව දුරටත් පහල බැසීමට හේතුවක් වී ඇත. මේ අනුව මේ වසරේ ගෙවීමට නියමිතව ඇති ඩොලර් මිලියන 7 ක පමණ වන ණය වාරික මත වන පීඩනය තවත් උග්‍ර කිරීමට මෙය හේතුවනු ඇත.

මෙම ණය වාරික ගෙවීම වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1 ක කෙටිකාලීන හුවමාරු ණයක් ඉල්ලීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන් සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us