subash

subash

මියන්මාරය එරට හමුදා පාලනය යටතට ගැනීම සම්බන්ධයෙන් මියන්මාරයට යළි සම්බාධක පනවන බවට අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.

රාගම රෝහලේ සේවය කරමින් සිටි 32 හැවිරිදි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වැළඳී මියගොස් ඇති බව වාර්තා වේනවා.

එම වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඉදිරි වසර තුනක කාලයක් සඳහා වී මිලදී ගැනීමට සහ සහල් අලෙවි කිරීම සඳහා නිශ්චිත මිලක් නියම කිරීමට ජීවන වියදම් පිළිබඳ ඇමැති මණ්ඩල අනුකාරක සභාව තීරණය කර ඇත.

ඌන භාවිතයේ පවතින අක්කර 2,750 ක් බඩ ඉරිඟු වගාව සඳහා දේශීය ආයෝජකයින්ට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේනවා.

බෙරගල, හපුතලේ , දියතලාව, සංචාරක නගර සංවර්ධන වැඩසටහන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ වුණා.

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේනවා.

අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා තවත් 8500ක් බඳවා ගැනීමට පියවර ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තිබේ.

ඉන්දියාවෙන් ගෙන්වන ලද කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබාදීමෙන් පසුව වැඩියෙන්ම අපහසුතා ඇතිවන්නේ තරුණ අයට බවත්, එය බියවීමට කරුණක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (01 වැනිදා) මෝසමක් ඉදිරිපත් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබේනවා.

 කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවය අනුව සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Connet With Us