වී මිලදී ගැනීමට සහ සහල් අලෙවි කිරීම සඳහා නිශ්චිත මිලක්

Published in පුවත්
Tuesday, 02 February 2021 11:29

ඉදිරි වසර තුනක කාලයක් සඳහා වී මිලදී ගැනීමට සහ සහල් අලෙවි කිරීම සඳහා නිශ්චිත මිලක් නියම කිරීමට ජීවන වියදම් පිළිබඳ ඇමැති මණ්ඩල අනුකාරක සභාව තීරණය කර ඇත.

එහිදී නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 50 කටද, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 52 කටද මිලදී ගැනීමට තීරණය කර තිබේ. එම වී තොග සහල් බවට පත් කිරීමෙන් පසු නාඩු සහල් කිලෝග්‍රෑමය රුපියල් 97 කටද, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 99 කටද අලෙවි කිරීමට හැකිවන පරිදි උපරිම මිලක් නියම කිරීමටද ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දොළහක මිල අඩු කිරීම, හිඟයකින් තොරව එම ආහාර ද්‍රව්‍ය වෙළෙඳ පොළට නිකුත් කිරීම, සහල් මිල පාලනය කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ දායකත්වය වැඩි කිරීම, වෙළෙඳ පොළේ සීනි හා පොල් මිල පාලනය කිරීම, ටින් මාළුවල අඩංගු විය යුතු ආසනික් ප්‍රරතිශතය සහ එළවළු, පලතුරු මිල පාලනය කිරීම පිළිබඳවද ජීවන වියදම් කමිටුවේදී සාකච්ඡා කර ඇත.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us