පාස්කු කොමිසමේ අවසන් වාර්තාව තව සුළු මොහොතකින් ජනපති අතට

Published in පුවත්
Monday, 01 February 2021 11:06

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (01) පෙරවරු 11.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදිමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ඇතුළු සෙසු සාමාජිකයින් විසින් ජනාධිපතිවරයාට භාරදිමට නියමිත බව වාර්තා වේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරණු ලැබීය.

ඉන් අනතුරුව වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමසමින් එම කොමිෂන් සභාව විමර්ශන සිදුකළ අතර එහි කටයුතු පසුගිය 27 වනදා අවසන් කළ අතර ඊට අදාළ අවසන් වාර්තාව මේ වන විට සකස් කර ඇති අතර කොමිසම විසින් සිදුකළ සියලු සාක්ෂි සටහන් කර ගැනිම් ද අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට භාරදෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

ඒ අනුව පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාප්‍රකාශ කර ඇත.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us