මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 316ක් දක්වා ඉහළට  

Published in පුවත්
Monday, 01 February 2021 11:30

තවත් කොරෝනා ආසාදිත මරණ 03ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 316ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

ගත වූ පැය 24ක කාලය තුල මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 864 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම ආසාදිතයින් අතරින් 27 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින්ය.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 362කි.

පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතව සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 882 ක්.

අද (01) වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 64,157ක් වන අතර පුද්ගලයින් 57,159ක් පූර්ණ සුවය ලබා ඇත.

අද (01) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 98 ක් තුළ පුද්ගලයින් 7,444 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,628 කි.

 

-පංචාලි අබේසේකර

covid note

Last modified on Monday, 01 February 2021 11:37

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us