නැගෙනහිර ජැටිය විකිණීමක් හෝ බදු දීමක් සිදුවෙන්නේ නෑ - අගමැති

Published in පුවත්
Sunday, 31 January 2021 16:53

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමක් හෝ බදු දීමක් සිදුනොවන අතර එය රජයේ පාලනය යටතේ පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

 

කැබිනට් මණ්ඩලයේ බහුතරයක්ද ද සිටින්නේ විකිණීමක් කළ යුතු නොවේය යන පදනමේ වන හෙයින් කාරණාව ගැන තමන් සමඟ කතාකළා නම් සේවකයින්ට වැඩ වර්ජන කිරීමේ අවශ්‍යතාවක්ද මතු නොවන බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.
අගමැතිවරයා මෙම කරුණු පැහැදිලි කර තිබුණේ තංගල්ලේදී මාධ්‍යවේදී හමුවක දීය.

“ඇත්ත වශයෙන්ම විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි කාටවත් දෙන්නේත් නැහැ. විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්තීය සමිතිත් ඒක දන්නවා. අපි පැහැදිලිවම කියන්නේ අපි ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ දෙනවා කියලා. ඒ නිසා ඒක ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. වැඩ වර්ජනය කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වා නම් මම ඇත්තටම පැහැදිලි කරලා දෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනාගේ මම හිතන්නේ 99%ක් ඉන්නේ විකුණන්න ඕනේ නැහැ කියන පදනමේ. මේ දේපොළ විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාකිත පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි අපිට බලය දීලා තියෙන්නේ.'' යනුවෙන් වැඩිදුරටත් රාජපක්ෂ මහතා කරුණු දක්වයි.

මේ අතර මෙම වරායේ ඉදිරි සංවර්ධනය හා මෙහෙයුම් සම්බන්ධයෙන් සකස් කර තිබෙන වාර්තාව පිළිබඳ හෙට දින රැස්වන කැබිනට් මණ්ඩලයේදී සාකච්ජාවට ගැනීමට නියමිත බවද වාර්තා වෙනවා.

කෙසේවෙතත් ඊයේ දින මාධ්‍ය හමුවක් පවත්වමින් වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා පැවසුවේ ඉතාම සුභවාදී ලෙස සියලු දෙනා බලාපොරොත්තු වූ ආකාරයට මෙම ප්‍රශ්නය විසඳෙන බව කිව හැකි බවයි.

මේ වන විට මෙම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා නොදෙන බවට වෘත්තීය සමිති රජයෙන් ලිඛිත සහතිකයක් ඉල්ලා සිටින අතර කොළඹ වරාය සේවකයින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට ත්‍රිකුණාමල වරාය සේවකයින් ද සහය පළකරමින් ඔවුන්ද අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us