නැගෙනහිර ජැටිය ඉන්දියාවෙන් බේරාගැනීමේ ආණ්ඩුවේ මෙහෙයුම Featured

Monday, 01 February 2021 10:16

"අපට වරාය දියුණු කරන වැඩසටහනක් තිබුණා. මේකෙදි අපි ජපානයයි ඉන්දියාවයි එක්ක ඒකාබද්ධ ගිවිසුමක් අනුව ක්‍රියා කළේ.

අදානි සමාගම තමයි දාන්නේ කියලා අපට නම්කරලා තිබුණෙ නෑ. අදානි තමයි ඉන්දියාවෙ ලොකුම එක. ඔවුන් තමයි කේරළ වරායත් කරන්නෙ.

ඉතිං අපි කොන්දේසියක් දැම්මා ජපානෙ සමාගම නැත්නම් ඉන්දියාවෙ සමාගම ඉන්දියාවෙ වරායක් ගෙනියනවා නම් අපිට කොළඹ වරායටත් එක සමාන සැලකිල්ල දෙන්න ඕනෙ කියලා. එච්චරයි ඉල්ලුවෙ. කතා කර කර ඉද්දි මේ ඡන්දයක් ආව නිසා අපි කිව්වා ඉතුරු ටික ඕගොල්ලො අලුත් ආණ්ඩුවට කතා කරලා තවත් ඔය කොන්දේසි මාරු කරන්න ඕනෙ නම් කරන්න කියලා.

මෙතන ගිහින් හිරවෙලා ... මේක විකුණනවා කියලා ... මේක කරනවා කියලා ... ඉතිං මං මොනවා කරන්නද ? ඕක වුණේ අපේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ. දේශපාලනයෙන් ඡන්ද ගන්න ගිහිල්ලා අපි මේක විකුණනවා කියලා බොරුවට කෑගැහුවා. දැන් ආපහු කියන්න බෑ විකුණන්නෙ නෑ කියලා. ඉතිං ඒගොල්ලො එතෙන්ට හිරවුණා නම් මං මොනවා කරන්නද ?"

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (31) නුගේගොඩ ප්‍රදේශයේ පැවති සංවාදශීලී දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.

* * * *

“ඇත්ත වශයෙන්ම විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි කාටවත් දෙන්නේත් නැහැ. විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්තීය සමිතිත් ඒක දන්නවා. අපි පැහැදිලිවම කියන්නේ අපි ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ දෙනවා කියලා. ඒ නිසා ඒක ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. වැඩ වර්ජනය කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වා නම් මම ඇත්තටම පැහැදිලි කරලා දෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනාගේ මම හිතන්නේ 99%ක් ඉන්නේ විකුණන්න ඕනේ නැහැ කියන පදනමේ. මේ දේපොළ විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාකිත පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි අපිට බලය දීලා තියෙන්නේ.''

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (31) තංගල්ලේදී මාධ්‍යවේදී හමුවකදීය.

හිටපු අගමැතිවරයා සහ වත්මන් අගමැතිවරයා නැගැනහිර ජැටිය සම්බන්ධ ජාත්‍යන්තර ආයෝජය සහ උද්ගතව තිබෙන තත්වය ගැන ප්‍රකාශ කළ අදහස් එසේය.

මේ අනුව නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් සිදුවී සහ සිදුවෙමින් තිබෙන තත්වයන් පැහැදිලිය. රනිල් වික්‍රමසිංහ මහතා තමන් කළ කී දේ විවෘත්තව පැවැසීම ගැන ඔහුට ස්තූතිවන්ත විය යුතුය. මන්ද මේ කුන්ඩවාලය මෙරටට ගෙනත් අත් හැරියේ ඔහුගේ පාලන සමයේදී බව පිළිගන්නා නිසාය.

එදා වරාය සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් නොකරන්න මේ ගැටළුව පැන නගින්නෙ නැත. ඊටත් බලපා තිබුණේ හම්බන්තොට වරාය චීනයට පැවැරීමට රනිල්ලා ගත් තීන්දුවය. ඒ නිසා කොළඹ වාරායේ කොටසක් ඉන්දියාව ඉල්ලන විට රනිල්ලාට එය ඉබ්බා දියට දැමු කළ ඇන්නෑවේ කිව්වා සේ විය. ඉල්ලන පරක්කුවෙන් ඒ ලබා දීමට පියවර ගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ සිය සෞභාග්‍යයේ දැක්ම අනුව පොරොන්දු වූ ලෙස රජයේ කටයුත්තක් ලෙස නැගෙනහිර ජැටිය සංවර්ධනයට පියවර ගැනීම සිදුවිය යුතුව තිබිණි. එහෙත් මේ ගිවිසුම නිසා ඔහුට කලාපීය බලවතා වන ඉන්දියාවේ වුවමනාවට පිටින් යෑමේ හැකියාව බරපතල ලෙස සීමා කර තිබිණි. ජාත්‍යන්තර ගිවිසුමක් කඩ කිරීම පහසුවෙන් කළ නොහැක. එසේ කිරීම වෙනත් ආපදාවන්ට ලක්වීමේ අනතුරු හෝ වන්දි ගෙවීම ආදියට යටත්වීමට සිදුවීම රටට දරාගැනීමට අපහසු දේ විය හැකිය.

කොහොම නමුත් නැගෙනහිර ජැටිය වෙනුවෙන් ඉන්දියාවේ සහ ජපානයේ මැදිහත් වීමට එරෙහිව දැවැන්ත ජනමතයක් නිර්මාණයවීම මත මෙම ගිවිසුමෙන් ඉවත්වීමට අවශ්‍ය ශක්තිය දැන් ජනාධිපතිවරයාට ලැබී තිබේ. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ පවසන ලෙස රටේ දේපොළ නොවිකිණීමේ ප්‍රතිපත්තිය මත වරායේ කොටස් කිසිවකුට ලබානොදී සිටීමේ හැකියාව දැන් ලැබී තිබේ. ඉන්දියාවට මේ ජනතා විරෝධය හමුවේ මෙම ගිවිසුම ක්‍රියත්මක කළයුතු බවට බලපෑම් කිරීමේ හැකියාව දැන් මොට වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වන ජාතික සම්පත් බඳු රාජ්‍ය දේපොළ ඉවක් බවක් නැතිව විදේශයන්ට විකුණමින් ආදායම් ලැබීමේ මජර පිළිවෙතින් රට මුදවා ගැනීමට හැකිවීම මත තවදුරටත් වරාය පිළිබඳ ගැටළුව දැන් අවසන්ය. වරාය සේවකයන්ට හෝ විපක්ෂ දේශපාලන ප්‍රවාහයන්ට තවදුරටත් 'ආණ්ඩුව වරාය විකුණනෝ' කියමින් කෑගසන්නට දෙයක් නැත. ඒ අනතුර දැන් ජයගෙන තිබේ. ඒ කෑ ගෑම ගැනද ඔවුන්ට ස්තූතිවන්ත වියයුතුය. මන්ද එයද නැගෙනහිර ජැටිය බේරාගැනීම වෙනුවෙන් ආණ්ඩුව දියත් කළ මෙහෙයුමේම කොටසක් වීම නිසාය.

විපක්ෂය මූලික වශයෙන් කල්පනා කළේ ආණ්ඩුව මුහුණ දි සිටින අර්බුදය දඩමීමා කරගෙන ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැගීමටය. එහෙත් ඒ අවස්ථාව මේ රටේ ජනතාව විසින්ම අවහිර කර ඇත. මෙම සිදුවීම් මාලාවේ වැදගත්ම තැන එතනය. පාලකයා නිවැරදි ලෙස කටයුතු කරනවා නම් ජනතාව එම පාලකයා සමඟ සිටී. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය ජනතාව පිළිගෙන ඇත්තේ ඒ අනුවය. වරාය ප්‍රශ්නයේදී අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේ බහුතර මෙන්ම දේශපාලන පක්ෂ ගනනවක් විසින් මෙහෙයවන වරාය වෘත්තීය සමිති මෙම ගැටලුවේදී රට වෙනුවෙන් පෙනී සිට දැන හෝ නොදැන ජනාධිපතිවරයාට ශක්තියක් වී තිබිණි.
එසේම ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි 69 ලක්ෂයක ජනතාව තමන්ගේ නායකයා වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට මේ කුණ්ඩවාලයෙන් ගැලවෙන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම සිදුවිය.‍

තවත් විශේෂම කාරණයක් නම් ජනාධිපතිවරයාට අවශ්‍ය ජනමතය නිර්මාණය කිරීම වෙනුවෙන් එජාප, ජවිපෙ, සජබ, පෙරටුගාමී වැනි දේශපාලන පක්ෂ වල මතයද සූක්ෂම ලෙස ජනාධිපතිවරයාට වාසි සහගත ලෙස ගොඩනගා ගැනීමට හැකිවීමය . ජවිපෙ අනියම් සහයෝගය ද ලැබූ පසුගිය යහපාලන යුගයේදී නැගෙනහිර ජැටිය විකිණීමේ තීන්දුව ගෙන තිබූ පක්ෂ හරහාම ඊට විරෝධයක් ගොනු කරගැනීමට හැකිවීම ජනාධිපති ඇතුලු වත්මන් ආණ්ඩුවේ දේශපාලනික උපක්‍රම පිළිබඳව තිබෙන සමත්භාවය ගැන අපූරු කතාවක්ද පෙන්වා තිබේ.

කොහොම නමුත් අද මෙරට ජාතික සම්පතක් වූ කොළඹ වරාය නැගෙනහිර ජැටිය රටේම දේපොළක් ලෙස සංවර්ධනය කරගනිමින් එහි සමස්ත ප්‍රතිලාභයම රටට ලබා ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. වත්මන් ජනාධිපතිවරයා පසුගිය යහපාලනය සමයේ රට විකුණන, රට පාවා දෙන විදේශ ගිවිසුම් ගනනාවක්ම අත්හි‍ටුවීමට ක්‍රියා කරමින් රට ගැන ඔහුගේ ඇති හැඟීම පෙන්වා තිබේ. මේ අනුව මෙම ගෝඨාපාලන කාලය යනු අපිට රටක් විදිහට අපේ දෙපයින් නැඟී සිටීමට හැකි සුවිශේෂී කාල වකවානුවක් ලෙස විශාල බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි ඓතිහාසික යුගයක් වනු ඇති බවට සැකයක් නැත.

-the novemberist

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us