43 සේනාංකයේ නායකයා හතරගාතේ, සෙබළු පැන යති !

Published in Gossip
Wednesday, 27 January 2021 14:01

චම්පික රණවකගේ 2024 ජනාධිපති සිහිනය වෙනුවෙන් පසුගියදා අටවා ගන්න ලද 43 වෙනි සේනාංකය සමඟ සිටි පිරිස් රැසක් එම සේනාංකය හැර යෑමට පටන්ගෙන තිබේ. මීට හේතුව වී ඇත්තේ 2024 ජනාධිපති අපේක්ෂකයාවීම වෙනුවෙන් තමන් සාමාජිකයකුව සිටි සියලු පක්ෂ හා කණ්ඩායම් වෙතින් ඉවත්ව තනි ගමනක් යන බව කියමින් මහා සංදර්ශනයක් කිරීමට සිටි චම්පික අවසානයේදී ඒ සියල්ල හැරදා යළි සජිත් ප්‍රේමදාසගේ දෙපතුල ළඟ ඇද වැටීමට ගත් තීන්දුව නිසාය.

චම්පික රණවකට සමීපව සිටි දේශපාලන ක්‍රියාකාරීන් කණ්ඩායමක්ද ඔහු වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල හඬ නගමින් සිටි පිරිස් බොහොමයක්ද මෙසේ ඔහු වෙතින් නික්ම ගොස් ඇත.

කොහොම නමුත් චම්පික තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් සජබයේ කුමක් හෝ තනතුරක් ලබාදෙන ලෙස මේ වන විට සජබයේ ප්‍රබලයන් ගනනාවක් වෙතින් ඉල්ලීම් කර තිබේ. ඒ අනුව සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වෙමින් තිබෙන බවත් දැන ගැනීමට ඇත.

එසේම දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ චම්පික සිය දේශපාලන ඉතිහාසය තුල මෙතරම් බංකොලොත් තත්වයකට ඇද වැටී නැති බවය.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හ...

Connet With Us