චම්පික හතර ගාතෙන් ඇද වැටුණේ ඇයි?

Published in Gossip
Monday, 25 January 2021 21:19

චම්පික රණවක 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් ආරම්බ කළ 43 සේනාංකයේ මංගල සමුළුව පසුගියදා පැවැත්වීමට කටයුතු කළද අද දින සමගි ජන බලවේගය හා එක් වී දේශපාලන කටයුතු කිරීමට එකඟ වී තිබේ.

ඒ සම්බන්ධයෙන් චම්පික රණවක පුවත්පත් නිවේදනයක්ද නිකුත් කර ඇත.
ඒ මෙසේය,

" සමඟි ජන බලවේගයේ විධායක සභික රැස්වීම අද දිනයේ පැවැත්වෙන බවත් ඒ සදහා සහභාගී වන ලෙසත් එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ දිනයේදී මා වෙත ආරාධනා කර සිටියේය. ඒ අනුව මම අද දිනයේදී එම රැස්වීමට සහභාගී වූයෙමි.

එහිදී මා ඇතුලු මා සමඟ දේශපාලනයේ යෙදෙන කණ්ඩායම සමඟි ජන බලවේගය හා සෘජුව එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට එක්වන්නේ දැයි එම බලවේගයේ විධායක සභාව මා වෙතින් විමසා සිටි අතර මම ඒ සඳහා මාගේ පූර්ණ එකඟත්වය පළ කළෙමි.

ඒ අනුව එම බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මීළඟ හමුවේදී සමඟි ජන බලවේගයේ දේශපාලන යාන්ත්‍රණය තුල මා විසින් ඉටුකල යුතු වගකීම් කවරේද යන්න පිලිබඳව සාකච්ජා කොට දැනුම් දෙන බව විධායක සභාව විසින් මා වෙත දැනුම්දෙන ලදි.

මේ වනවිට මෙම රැස්වීම සම්බන්ධයෙන් විවිධ ව්‍යාජ පුවත් රැසක් සමාජජාල මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. ඒ කිසිවක් සත්‍ය නොවන බව සමගි ජන බලවේගයේ විධායක සභිකයින් විසින් තහවුරු කරනු ඇත.

පසුගිය මහමැතිවරණයේදී මා වෙත ජන්දය ප්‍රකාශ කල ජනතාව නියෝජනය කරනුයේ සමඟි ජනබලවේගයේ දේශපාලන මතයයි. ඒ දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනීසිටිමින්, නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගැනීම සඳහා සමඟි ජන බලවේගයේ නායකත්වය සහ එහි සහෝදර සාමාජිකත්ව කණ්ඩායම සමඟ ඉදිරියටද ක්‍රියාකරන බව දැනුම්දීමට කැමැත්තෙමි."

පාඨලී චම්පික ‍රණවක
2021.01.25

කෙසේ නමුත් චම්පික රණවක නාගරික මැද පංතියේ උගත් බුද්ධිමත් ස්ථරය සහ ජාතිකවාදී ප්‍රවණතාවයන් සමඟ ලිබරල් ආර්ථික චින්තනය ද අච්චාරු දමා අලුත් දේශපාලන ගමනක් වෙනුවෙන් අලුත් වෙස්මුහුණක් සහිතව කරළියට පිවිසුණද ඔහුව කිසිවකුත් ගනන් ගත්තේ නැත. චම්පිකගේ ආගමනය ගැන මදක් හෝ බියට පත් වූයේ පොහොට්‍ටු පක්ෂයේ ඉහළ ස්ථරයක් පමණි. ඒ අනුව ඔවුන් චම්පිකට එරෙහිව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබිණි. ඒ හැරෙන්න චම්පිකගේ අලුත් නාඩගම දේශපාලන ක්ෂේත්‍රයේ කිසිදු වැදගත් කමක් නැති පුස්සක් විය. එහෙත් 43 නාඩගමේ ආරම්භක රංගනය පසුගියදා දියත් කිරීමට හේතුව විලි ලැජ්ජාව නිසා බැඳගත්තු බෙරේ පදයක් දෙකක් හෝ ගසා පැත්තකට දැමීම වෙනුවෙන් යැයි ද කල්පනා කළ හැකිය. අද සජබයේ සාමාජිකත්වය නැවත අයැදීමෙන් පෙන්නුම් කරන්නේ චම්පික ඇද වැටුණු අසරණකමේ තරමය. චම්පික නිකුත් කර තිබෙන නිවේදනය අනුවත් මේ අසරණකම පෙනෙන්නට තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us