යුද්ධයයි, රාජ්‍ය පාලනයයි යනු දෙකකි. ෆොන්සේකා තවමත් ඉගෙන ගෙන නැත.  

Published in Gossip
Monday, 08 February 2021 14:13

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා තමන්ගේ ෆේස්බුක් පි‍ටුවෙහි සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභයට උපදෙස් දීමට පෙළඹට තිබිණි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා තිබුණේ මෙවන් කතාවකි.

“සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමි හරහා ගමන් කිරීම අනතුරුදායක බව මම යළිත් ගෝඨාභයට සිහිපත් කරමි.”

1991 යාපනය කොටුව බේරා ගන්නා සටනේදී ඔබ සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමිය හරහා ගොස් අනතුරට පත්වූ අවස්ථාවේ ඔබ හා ඔබේ බලඇණියේ ජිවිත බේරා ගත්තේ එදා මා ඇතුළු 1වන සිංහ රෙජිමේන්තු බලඇණියයි. අද වසර 30 කට පසු 2021දී දේශපාලන පිටියේ ඔබ යලිත් එම අත්වැරදීම නොකරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

දැන් ඔබේ කඳවුරේ අණ සහ පාලනය බිඳ වැටි ඇති බව ඉතාම පැහැදිලියි. ඔබට ජන්දය දුන් 69 ලක්ෂයක ජනතාවම ඔබව හාස්‍යයට ලක් කිරීමෙන්, ඔබ දේශපාලනිකව තනිවී ඇති බව පෙනේ. බලයෙන් උන්මත්තක වී සිටින ඔබගේ පාලනය ඒ බලය විසින්ම විනාශ කරනු ඇත.

ඒ නිසා ගෝඨාභයට මම දෙන උපදෙස වන්නේ, රටම අසීරුවෙන් සිටින මොහොතක මා ඇතුළු පොදු විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ හා සහෘදයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත තබා තවදුරටත් ප්‍රශ්න හා අර්බුද උග්‍ර කර නොගන්නා ලෙසයි.

– ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –

ෆොන්සේකා තවමත් සිතා සිටින්නේ යුද බිමේදී සතුරා පරාජය කරන උපක්‍රම තෝරන විදිහට දේශපාලන භූමියේදී ජයග්‍රහණ අත්පත් කරගත හැකි බවය. ෆොන්සේකා යුධ භූමියේදී රණශූරයකු බව අවිවාදිතය. සමකාලීනව හමුදා නිලධාරියකු ලෙස සිටියදී ගෝඨභය රාජපක්ෂට වඩා ෆොන්සේකා යුද ශිල්පයේදී දක්ෂයකුද විය හැකිය. යුද්ධය ජය ගැනීම වෙනුවෙන් හමුදාපතිවරයා ලෙස දිවි පරදුවට තබා එම සටන විජයග්‍රහණය තෙක් ඇදගෙන යෑමට ඔහු දැක්වූ ධෛර්යය, කැප කිරීම් ගැන කිසිදු දොසක් ද නැත. එහෙත් ෆොන්සේකාට මේ දේශපාලන භූමියේ සටන් ගැන කිසිදු තේරුමක් නැතිය. එය ඔහුගේම දේශපාලන භාවිතාවෙන් තේරුම් කළ හැකිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ එදා සිටි යුධ හමුදා නිලධාරියා ලෙස නොවේ. ඔහුට මේ භූමියේ දේශපාලන සතුරන් සිටිය නොහැක. මේ රටේ සියලු දෙනා එනම් පුරවැසියාගේ සුබ සිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස ඔහු භාරගෙන ඇති වගකීම හමුවේ කිසිදු පුරවැසියකු ඔහුට සතුරෙකු ලෙස සැලකිය ද නොහැක. පුරවැසියා සමඟ විවෘත භූමියේ තබා සැඟවුණු සටනක් ජනාධිපතිවරයාට නැත. සෑම සියලු දෙනාගේම අයිතිය නිදහස වෙනුවෙන් ඔහු පෙනී සිටිය යුතුයි..ඔහු වගකිව යුතුය. යම් පුද්ගලයන් ජන කොටස් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට එරෙහිව කටයුතු කළත් ජනාධිපතිවරයාට ඒ ඉවසන්න සිදුවේ. ඔවුන්ට අභිමුඛ වන්නට සිදුවේ. ඔවුන්ට ඇහුම්කම් දී ඔවුන්ගේ ගැටලුවට පිළියම් යෙදීමට ඔහු සමත් විය යුතුය. හැංගිමුත්තම් කරන්න බැරිය. එසේ නොවුණොත් නම් ඒ ඔහුගේ පරාජයකි.

එහෙත් ජනාධිපතිවරයා අසමත්වී නැත. පාරාජය වී නැත. ඔහුගේ පිළිවෙතට එරෙහිව යන විපක්ෂ හෝ වේවා ආණ්ඩු පක්ෂයේම හෝ වේවා දුෂ්ඨ බලවේගය හැකි සෑම ආකාරයකින්ම ක්‍රියාත්මක වූවත් ඔහු ඔහුගේ ක්‍රමයට වැඩකරගෙන යයි. කිසිදු බලපෑමක් හමුවේ ඔහු දණ නමා නැත. සාධනීය විවේචනයන් භාරගන්නා අතරම නිවැරදි දේ වෙනුවෙන් පමණක් පෙනී සිටින බව ඔහු පෙන්වා තිබේ.

ආණ්ඩුකරණයේදී සාම්ප්‍රදායික ලෙස පවතින ජරා ජීරණ ක්‍රමය මතම යැපෙනවා වෙනුවට, ක්‍රමය වෙනස් කරමින් වඩා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැගීම, වඩා සීග්‍රගාමි සංවර්ධනයක් වෙනුවෙන් රට මෙහෙයවීම, රට වැසි සියලු දෙනාගෙන ගැටළු නිරාකරණය වෙනුවෙන් පෞද්ගලිකව හෝ මැදිහත් වෙමින් ජනතා හිතකාමී පාලකයෙකු ලෙස සිය උපරීම හැකියාවන් යොදා ගැනීම, ආර්ථිකමය වශයෙන් අද මුහුණ දී ඇති අසීරුතාවයන් මඟ හරවා අලුත් උපාය උපක්‍රම ඔස්සෙ එය මෙහෙයවා ගැනීමට සමත් වීම, රටට එරෙහිව එල්ල වන විදේශ බලපෑම් රටේ වාසියට යටත් කරගැනීම ආදී වශයෙන අසීරු ඉලක්කයන් ඔහු හඹායමින් තිබේ. ඒ වෙනුවෙන් 69 ලක්ෂයේ නොව මැදිහත් ජනතාවගේ ආශිර්වාදයද ඔහුට හිමිව ඇති බව මේ මහපොළවේ දේශපාලනය කරනවා නම් ටක්කෙටම දැනගත හැකිය.

ජනාධිපතිවරයාට ජනතාව බලය පවරා ඇත්තේ හරි දේ කිරීම වෙනුවෙනි. රටට හානිදායක දේ කිසිවෙකුන් වෙතින් සිදුව තිබෙනවාද, සිදුවීමට යනවාද කියා සොයා බලා ඊට පිළියම් යෙදීම ඔහුගේ වගකීම වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා කියා ප්‍රජාතන්ත්‍රවාදයට ද්‍රෝහීවූවන්, නීතියට ද්‍රෝහීවූවන්, රටට ද්‍රෝහී වූවන්, ජනතාවට ද්‍රෝහීවූවන් රකින්නට නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවගේ අභිලාෂයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනතාව විසින්ම තීරණය කරන ආණ්ඩු පාලන ක්‍රමවේදයකි. ඒ අනුව ජනතාවගේ පාර්ශ්වය මිසක් හොරුන්ගේ, ආපරාධකරුවන්ගේ, තක්කඩියන්ගේ, පාර්ශ්වය ජයගැනීම නොවිය යුතුය. අද ෆොන්සේකලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන් ද නියෝජනය කළ යහපාලන හොර නඩයේ ජනතාද්‍රෝහී වැඩ කළ උන් රකින්න කියා කරන තක්කඩි ඉල්ලීමටය. මෙය ජනතාවගේ ඉල්ලීමක් නොවේ. ජනතාව ඉල්ලා සිටියේ මේ රටට ජනතාවට සතුරු වූ නඩයේ ද්‍රෝහීන්ට දඬුවමක් කරන ලෙසය.

ජනතාව සිටින්නේ ජනාධිපතිවරයා සමඟ විවෘත භූමියකය. සටන ඇත්තේ ඒ කිසිවකු පරාජය කිරීම තුල නොව සියලු දෙනා ජයග්‍රහණයේ ක්ෂේම භූමියට රැගෙන යෑම ගැනය. එතැන සැඟවුණු සටන් නැත. රටේ නීතියට රීතියට විවෘත්තව යුක්තිය පසිඳලීම සිදුවෙයි. ඒ අනුව යහපාලන නඩයට දඬුවම් හිමිවීම වැලැක්විය නොහැකිවනුද ඇත. මේ යහපාලන නඩය කොහොමත් පරාජිත අසරණ නඩයකි. ඔවුන්ට ජනාධිපතිවරයාව සතුරකු ලෙස පෙණුනත් ඔවුන් තමන් ඉදිරියේ සිටින දේශපාලන සතුරන් ලෙසවත් සලකන්න ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් නැත. ඔහුගේ ක්‍රමය වෙනස්ය. ඔහුට අවශ්‍ය මේ නොමඟ ගිය නඩයටත් යහමඟ පෙන්වා දීමටය. දඬුවම් අවශ්‍යවන්නේ ඒ වෙනුවෙනි. එසේ නොමැතිව ඔවුන් සමඟ ද සටනක් නැත. යුද්ධයක් නැත.

මේ අනුව ෆොන්සේකා හිතන විදියට යහපාලන නඩය, ජනාධිපතිවරයාගේ දේශපාලන සතුරා නම් දේශපාලනයේදී දේශපාලන සතුරා ඉදිරියේ තබාගෙන විවෘත භූමියක සටන් කළ යුතු බව ෆොන්සේකාට, ගෝඨාභයගෙන් ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ තිබෙන බව සහතිකය. සමහර විට ඉදිරියේදී ඒ වටහාගැනීමට හැකිවෙනු ඇතැයි අපි කල්පනා කරමු.

-the novemberist

Leave a comment

worky

worky1

ld add copy

Latest News

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හ...

Connet With Us