හරීන්ටත් සජිත්ගේ නායකත්වය ඇති වෙලා...රනිල්ට දුක කියලා Featured

Published in Gossip
Tuesday, 09 February 2021 12:36

සමගි ජන බලවේගයේ ක්‍රියාශීලී මන්ත්‍රීවරයකු මෙන්ම එහි උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගියදා එජාප නයක රනිල් වික්‍රමසිංහ හමුවී විපක්ෂයේ දේශපාලන නායකත්වය ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය සජබය වූවද විපක්ෂ නායකත්වය දරණ සජිත් ප්‍රේමදාසගෙන් බලාපොරොත්තු වූ නායකත්වය නොලැබීම මෙයට හේතුවී ඇතැයි පැවසේ. එසේම සජබයේ නායකත්ව අරගලයකට කැස කවන චම්පික රණවකගේ මෙහෙයුම සාර්ථකවීම වලවාගැනීමට නම් රනිල් වික්‍රමසිංහ වැනි කිසිවකුට අභියෝග කළ නොහැකි පරිණත නායකත්වයක් යටතේ සජිත් ප්‍රේමදාසට පවතින්න සිදුවනු ඇති බවත් සජබයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගේද අදහස වී තිබිණි. මේ වෙනුවෙන් එජාපය සමඟ සන්ධානයක් ගොඩනගා එහි ජේෂ්ඨ නායකයකු ලෙස රනිල් වික්‍රමසිංහව තබා ගැනීම සජබයේ අභ්‍යන්තර බල අරගලය යම් තරමකට සමනය කරගත හැකි වනු ඇති බව එම ජේෂ්ඨයන්ගේ අදහසය. එසේම සජබය යටතේ පසුගිය මහ මැතිවරණය ඉදිරිපත් වූ බහුතරයක් දෙනා එම මොහොතේදී එජාපය අත්හැර ගියේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය හෝ එජාපයේ දේශපාලන ප්‍රතික්ෂේප කිරීම නිසා නොවේ. ඒ මොහොතේ සජිත් වටා කෘතිමව ගොඩනගනු ලැබූ රැල්ල නිසා එජාපය යටතේ තරග කර ජයග්‍රහණයක් ලැබීමේ අසීරු බව තහවුරු වීම නිසාය. ඇතැමෙකු සජබයට ගියේම එජාප නායකත්වයේ අනුමැතිය සහ ආශිර්වාදය යටතේය. මෙම පිරිස සජිත්ගේ දුර්වල නායකත්වය කිසිසේත්ම පිළිගන්නා අය නොවේ. එම නිසා ඔවුන්ගෙ අවශ්‍යතාවය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් පසුව ඔහුගේ නායකත්වය යටතේ කටයුතු කිරීමටය. නව විපක්ෂ සන්ධානය යෝජනා කිරීම කෙරෙහි එම කරුණු සාධක සියල්ල බලපා තිබේ.

කොහොම නමුත් සජිත් ප්‍රේමදාස පවා වත්මන් මොහොතේ සිටින්නේ විපක්ෂ දේශපාලන භූමිකාවේ වගකීම දැරීමට තරම් පරිණත උපක්‍රමශීලී බාවයක් නොමැති තත්වයකය. එසේම ඊට අවශ්‍ය ජාත්‍යන්තර දේශපාලනික සම්බන්ධතා ආදී කිසිවකුත් නොමැති හුදකලා වූ නායකයකු ලෙසය. මේ තත්වයන් හමුවේ ඔහුගේ පැවැත්ම වෙනුවෙන් දේශපාලන ආධාරකයන් අවශ්‍යව ඇත. මේ අනුව පසුගියදා හරීන් ප්‍රනාන්දු , රනිල් වික්‍රමසිංහව හමුවූයේත් සජිත් ප්‍රේමදාසගේ දැනුවත් භාවය අනුව බවත් දැනගැනීමට තිබේ. මේ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු පුවත් පතකට පවසා තිබෙුණේ,

‘මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා හම්බ වුණේ පෞද්ගලික මට්ටමින්. ඒක පක්ෂය වෙනුවෙන් කළ හමුවීමක් නෙවෙයි. නමුත් පක්ෂ දෙක එකතු විය යුතුයි කියන කාරණය මම එතැනදී මතු කළා. ඒ ගැන නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සමග සාකච්ඡා කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට දැනුම් දුන්නා. ඒ අනුව ඉදිරි කටයුතු සිදුවේවි.

අපේ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාත් පොදු සතුරාට එරෙහිව මේ පක්ෂ දෙක ඒකාබද්ධ විය යුතුයි කියලා ප්‍රකාශයක් සිදුකරලා තියෙනවා.’

Leave a comment

ld add copy

Connet With Us