බස්නාහිර රෝහල් 6ක් තුළ හෙට සිට එන්නත්කරණය

Published in පුවත්
Thursday, 28 January 2021 10:01

බස්නා­හිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) සිට 'කොවිඩ් මර්දන එන්නත' එන්න­ත්ක­ර­ණය කිරී­මට සැල­සුම් කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා මේ බව සඳ­හන් කර ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (27) පැවති විශේෂ මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින්.

මේ අනුව කොළඹ ජාතික රෝහල, හෝමා­ගම මූලික රෝහල, මුල්ලේ­රි­යාව මූලික රෝහල, අයි.ඩී.එච් රෝහල සහ කොළඹ දකුණ සහ කොළඹ උතුර ශික්ෂණ රෝහ­ල්ව­ලදී මේ එන්න­ත්ක­ර­ණය කිරී­මට නිය­මි­තය.

අදාළ වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව දින 3ක් හෝ 4ක් තුළ මේ රෝහල්හි සමස්ත කාර්යය මණ්ඩ­ල­යෙන් 25%කටද එන්න­ත්ක­ර­ණය කිරී­මට නිය­මිත බවත් දිව­යිනේ සෙසු ප්‍රදේ­ශ­යන්හි පිහිටි රෝහල් කාර්යය මණ්ඩල සඳහා ද ඉන් අන­තු­රුව එන්න­ත්ක­ර­ණය කිරී­මට නිය­මිත බවද ඔහු පවසා තිබේ.

මේ අතර බස්නාහිර පළාත තුළ අද (28) දිනයේදී විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ සඳහා ස්ථාන 12කදී යොමු කිරීමටයි සැලසුම.

මෙම පරීක්ෂණ සිදු කිරීම සදහා බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහය ලබාදිය යුතු බවද අජිත් රෝහණ ජනතාවට දැනුම්දෙයි.

බස්නාහිර පළාතේ හඳුනාගත් පොදු ස්ථාන, සති පොළ, මාළු අලෙවිකරණ ස්ථාන, එළවළු අලෙවිකරණ ස්ථාන සහ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව පුද්ගලයින් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේ මෙහෙයුම්, කොළඹින් පිටත්වන බස්රථවල මගීන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ද තවදුරටත් ක්‍රියාත්මකය.

සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් කඩ කරමින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පරීක්ෂා කිරීම්ද අඛණ්ඩව සිදුකෙරෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරයි

බස්නාහිර පළාත තුළ ඊයේ (27) දින සිදුකළ ආයතන පරීක්ෂා කිරීම්වලදී සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කළ ආයතන 71ක් හඳුනාගෙන නඩු පැවරීමට පියවර ගෙන ඇත.

මේ අතර ගතවූ පැය 24 තුළ මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා එම වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 2808කි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us