සරසවි වලට සිසුන් 800ක් වැඩි කෙරේ

Published in පුවත්
Thursday, 28 January 2021 10:24

ඉහළම ලකුණු ලබා ගත් සිසුන්ට අවස්ථාව දීම සඳහා වෛද්‍ය, දන්ත වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා, කළමනාකරණ හා තාක්ෂණ යන පීඨ සඳහා තවත් සිසුන් අටසියයක් පමණ වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

සිසුන් වැඩි කිරීම සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාව උපකුලපතිවරුන් සමග සාකච්ඡා කර එකඟතාවට පැමිණ තිබේ. එම එකඟතාවට අනුව ඒ ඒ පීඨවලට ඇතුළත් කළ යුතු නව සිසුන් සංඛ්‍යාව පසුගිය සතියේ ම උපකුලපතිවරුන් වෙත දන්වනු ලැබ ඇත.

සිසුන් වැඩි කිරීමට සාපේක්ෂව ප්‍රතිපාදනද වැඩිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම උපකුලපතිවරු මෙම පෙබරවාරි මස මුල දී අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ හමුවෙති. මෙම හමුව පැවැත්වෙන්නේ ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මැදිහත් වීම මතය. එමෙන්ම ප්‍රතිපාදන වැඩිකිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවද මහාභාණ්ඩාගාරය සමග සාකච්ඡා කර ඇත.

පෙර වසරට සාපේක්ෂව මෙවර සිසුන් දසදහස් පන්සියයක් වැඩිපුර බඳවා ගැනීමට කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි. මෙම සිසුන් වැඩි කෙරෙන්නේ ඊටත් අමතරවය.

පසුගිය 2019 වසරේ දී විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම නිසා ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ දී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත විය. ඉසෙඩ් ලකුණු නිකුත් කළ ක්‍රමවේදයෙන් තමන්ට අසාධාරණයක් වූ බව සඳහන් කරමින් ඉහළම ලකුණු ලැබූ සිසුහු මෙන් ම දෙමව්පියෝ ද විරෝධතා ක්‍රියාමාර්ගවල යෙදුණහ. සිසුන් වැඩි කිරීමට ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ ඒ අනුවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us