වතු කම්කරු වැටුප් වැඩිකිරීමේ තීරණය පඩිපාලක සභාවෙන්  

Published in පුවත්
Thursday, 28 January 2021 10:36

වතු හාම්පුතුන් හා වතු වෘත්තීය සමිති අදාළ කොන්දේසිවලට එකඟ වී සමූහික ගිවිසුමකට පැමිණීම සඳහා තවමත් කාලය තිබෙන බවත්, එය දීර්ඝ කාල­යක් නොවිය හැකි බවත් දෙපාර්ශ්වයටම එකඟත්වයකට පැමිණීමට නොහැකි වුණොත් වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ වැටුප් වැඩිවීම පඩිපාලක සභා මඟින් ක්‍රියාත්මක කෙරෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (26) කොළඹ පැවැති උත්සවයකදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා කියා සිටියේ. වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීමේ වැඩපිළිවෙළ බොහෝම අමරුවෙන් ඉටුකර තිබෙන බවයි. කැබිනට් අනුමැතියත් ලැබුණා. වතු හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර සාමුහික ගිවිසුම් ඇති කරන්න අප පුළුවන් තරම් උත්සහ කළා. නමුත් ගැටලු මතු වුණා. එවැනි ගිවිසුමක් අස්සන් කරන්න නම් එම දෙපාර්ශ්වයම එකඟත්වයකට පත්විය යුතුයි. එසේ එකඟ නොවුණු නිසා පඩිපාලක සභාව තුළින් මෙම වැටුප ලබා දෙනවා මිස මට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. නමුත් මේ දෙපාර්ශ්වයටම සාමුහික ගිවිසුමකට එන්න තවමත් විවෘතයි.

කෙසේ නමුත් පඩිපාලක සභාව මඟින් මෙම තීරණයට එළැඹීමත් සැක සහිත බව ඇතැමුන් පෙන්වා දෙයි. ඊට හේතුව පඩි පාලක සභාවේ වෘත්තිය සමිති නියෝජිතයෝ 8ක්, හාම්පුතුන් 8ක් හා ඇමති පත්කළ 3ක් සිටින බැවින් කුමන තීරණයක් ගනීවිදැයි දැන්ම පැවසීමේ හැකියාවක් නොමැති බැවිණි. අනිත් කරණය මෙම පුවත් වාර්තාවේ සඳහන් වන පරිදි කැබිනට් අනුමැතිය ලබාදී ඇත්තේ දිනක අවම වැටුප 1000කිරීමට මිස දිනක මූලික වැටුප 1000 කිරීමට නොවේ. දිනක අවම වැටුප 1000 කිරීම යනු මූලික වැටුප දැන් තිබෙන මට්ටම්මේම තබා වතු කම්කරු ජනතාවට ලේසියෙන් ලබාගත නොහැකි දීමනා සහ ඔවුන්ගේ හිමිකමක් වන අර්ථසාධක අරමුදල් ද ඔවුන්ගේ වැටුප් ලෙස සළකා කරන රැවටීමක් විය හැකි බවටද මත පෙළව තිබේ. වතු හාම්පුතුන් රජයේද සහය ඇතිව මෙතෙක් කලක් කරමින් සිටියේද එයයි. නමුත් වතු කම්කරු ජනතාව එයට විරුද්ධ වෙමින් දැන් වසර 6ක කාලයක සිට තමන්ගේ දෛනික මූලික වැටුප 1000කරන ලෙස ඉල්ලා සිටියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us