එහෙත් ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ශානි අබේසේකර විසින් ලබා දුන් කටඋත්තරයත් සමඟ මෙම කොමිසමේ කටයුතු අවසන් වීම ගැන විවාදාත්මක තත්වයක් මතු කරමින් තිබේ.
ශානි අවසන් වශයෙන් කීවේ මෙම ප්‍රහාරයේ පළමු චුදිතයා වන සහරාන් හෂීම්ව වෙනත් පුද්ගලයකු හෝ සංවිධානයක් විසින් හෝ මෙහෙයවා ඇති බවට තමන් සැක කරන බවයි. මේ කරුණ මුලික කරගෙන ඊයේ (27) දිනයේදී මාධ්‍ය වාර්තා පළවීම නිස මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවකුටත් දඬුවම් පැමිණවීමක් නොවනු ඇති බවත් ඇත්ත චූදිතයන්ට චෝදනාවෙන් ගැලවීමට ඉඩක් ලබා දී ඇති බවත් ආදී වශයෙන් මත පළව තිබිණි.
එහෙත් මෙහි ඇත්ත තත්වය එය නොවේ. ශානි අබේසේකර ඊයේ දිනයෙදී ලබා දුන් සාක්ෂිය මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ එක් රහස් පරීක්ෂකවරයකුගේ සාක්ෂියක් පමණි. ඒ මත පිහිටා ජනාධිපති කොමිසම නිගමන වලට එළැඹෙන්නෙ නැත. තවත් සාක්ෂිකරුවන් සිය ගනනකගේ සාක්ෂි විමසා තිබේ. කොමිසම් සිය අවසන් නිර්දේශය දෙනු ලබන්නේ ඒ සියල්ල කිරා මැන බලාය. එසේම විමර්ශන කොමිසම කියන්නේ නඩු විභාගකර වැරදිකරුවන්ට දඬුවම් දෙන ආයතනයක්ද නොවේ. ඊට කළ හැක්කේ ඔවුන් විසින් හඳුනා ගත් චූදිතයන්ට නඩු පැවැරීම් ආදී නිර්දේශයන් හෝ වෙනයම් ක්‍රියාවලියන් ගැන නිර්දේශය ඉදිරිපත් කිරීම පමණි. ඒ අනුව රජය තීන්දු තීරණ ගත යුතුය.
එසේම රජය තීන්දු තීරණ ගන්නේ මෙම කොමිසමේ නිර්දේශයන් මතම පිහිටා ද නොවේ. රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණමය පියවරයන් ගන්නේ ඔවුන් සතුව තිබෙන අනෙක් තොරතුරු සියල්ල ගැලප්පිමෙනි. එසේම ඊට අදාල වරදවල් සම්බන්ධයෙන් නීතියෙන් ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන සාක්ෂි සියල්ල නැවත නැවතතත් පරික්ෂා කර බැලිය යුතුය. මෙහිදී නිතිපති දෙපාර්තමේන්තුවට සලකා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශන වාර්තාව තිබේ. එම වාර්තාව මඟින් විමර්ශන නිලධාරීන් මෙම සිද්ධියට සම්බන්ධ චූදිතයන් 32 නෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් වෙන වෙනම නඩු 8 ක් පැනවිය හැකි බව නීතිපතිවරයාට දැනුම් දී තිබේ. ඒ කිව් පළියට නීතිපතිවරයාට කටයුතු කළ ද නොහැක. එම විමර්ශන වාර්තාව ද යළි පරික්ෂා කළ යුතුය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සකස් කරන වාර්තා සෑම විටම නීතියට අනුකූල නොවී අඩුපාඩු සහිත බව නිරන්තරයෙන් ඔවුන් මැදිහත් වෙන අධිකරණමය කටයුතු වලදී හෙළිව තිබේ. මේ නිසා එම වාර්තාව ගැන නීතිපතියේ විශේෂඥ නීතිවේදීන් පරික්ශා කර බැලීම සිදුවෙයි.
එමෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්ද පැවැත්විණි. එහිදී හෙලි වුණූ කරුණ කාරණා ද රැසක් තිබේ. එයද නිතිපති දෙපාර්තමේන්තුව විසින් පරිකෂා කර බැලිය යුතුය. මේ මුලික වර්තා තුනම එකමත තබා චූදිතයන් හඳුනාගෙන ශක්තිමත් නීතිමය පදනමක් යටතේ නඩු පැවරීම මඟින් මිස මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් නම් කළ නොහැක. එමෙන්ම ඒ අධිකරණ හමුවේ ඔප්පු කිරීමට හැකි විය යුතුය.
මෙය පහසු කරුණක් නොවේ. එසේම කාලයක් ගත වෙන ක්‍රියාවලියකි. එතෙක් ඉවසා නොගෙන පාස්කු ප්‍රහාරය ගැන පළවන මාධ්‍ය වාර්තා මත ප්‍රහාරයේ වගකීම කොහෙවත් නැති භූතයකුට පවරා විකාර නිගමනවලට ඒම මෝඩ කමකි. අප සෙවිල්ලෙන් සිටිය යුත්තේ අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ක්‍රියාවලිය කඩිනම්ව නිවැරදිව සිදුවෙනවාද කියන කාරණාව ගැනය.