කොවිඩ් මර්දන සටනේ ජනාධිපති භුමිකාව සියල්ලට ඉහළිනි.   Featured

Friday, 29 January 2021 12:03

කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිර යන්න පටන්ගත් වකවානුවෙහිම එහි බලපෑම ශ්‍රී ලංකාවටත් සිදුවෙනු ඇති බවට සෞඛ්‍ය අංශ වලත් වෙනත් ප්‍රාමාණික දැනුම් ඇත්තන්ගේ මත පලවිණි.

එහෙත් ඒ එතරම් සංකීර්ණ කටයුත්තක් වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළුව මෙරට සෞඛ්‍ය බලධාරීන් නොසිතුවේය. රටේ ජනතාව සිහිනෙන්වත් සිතුවේ නැත. මේ නිසා මුල් අවස්ථාවේදී සිදුවූ අඩුපාඩුකම් ගැන විවේචන රජයට එල්ල විය. රටම ලොක්ඩවුන් කරන්න කියා දැඩි ඉල්ලීමක් ආවේද ඒ සමගිනි. ඒ වන විට වසංගතයෙන් පීඩාවට පත් රටවල් මුහුණ දෙමින් තිබී අත්දැකීම් අනුව එම විවේචනවල සාධනීය බව පිළිගැනීමට රජයට ද සිදු විය. එහෙත් රටක් මුළුමනින්ම වහනවා කියන එක ඒ මොහොතේ කඩිනමින් කිරීම කවුරු පාලන බලයේ සිටියද පහසුවෙන් කළ නොහැකි කටයුත්තක් බව අඩුම තරමින් තමන්ගේ ගෙදර පාලනය ගැනවත් දැනුමක් තේරුමක් ඇත්තෙකුට වටහා ගැනීම අපහසු නැත.

කොහොම නමුත් බරපතල අසීරුතා මධ්‍යයයේ ජනාධිපතිවරයාත් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායත් අවශ්‍ය තීන්දු තීරණ වඩාත් නිවැරදි ආකාරයෙන් ගැනීමට සමත් විය. ඒ අනුව කොවිඩ් පළමු රැල්ල විශිෂ්ඨ ආකාරයෙන් මර්දනය කිරීමට හැකිවිය. ලෝකයටම අලුත් අත්දැකීමක් වූ මේ කොවිඩ් තත්වය හමුවේ අත්දැකීම් මඟින්ම ඉගෙන ගෙන සාර්ථක ලෙස එය පාලනය කරගැනීමට අපට හැකි විය. එසේම දෙවන රැල්ලක් ගැනද සැකය මතුව තිබිණි. නමුත් පළමු රැල්ලේ සාර්ථකත්වය මත දෙවන රැල්ලේ අවදානම ගැන රජයෙන්ද සමාජයෙන්ද ගිලිහී යමින් තිබුණු බව අප පිළිගත යුතුය.

දෙවන රැල්ල පළමු එකට වඩා බිහිසුණු විය. එය පාලනය කිරීම සඳහා පළමු ‍රැල්ලේදී බාවිත කළ උපක්‍රමයන් සාර්ථක නොවන බවත් වැටහී තිබිණි. මන්ද
රට වසාගෙන සිටීමේ අහිතකර ප්‍රතිපළ පළමු ‍රැල්ල විසින් පෙන්වා දී තිබීම නිසාය. රටේ ආර්ථිකය අක්‍රීයවීමෙහි ඉතා නරක ප්‍රතිපළ අත් විඳින්නට ලැබී තිබිණි. රජයට රටේ ආර්ථිකය කඩා වැටීම වලක්වා ගැනීම මෙන්ම රටේ අර්ථිකයට හානියක් නොවන ලෙස කොවිඩ් ‍රැල්ල පාලනය කිරීමේ අභියෝගය හමුවේ නව උපක්‍රම තෝරන්නට සිදු විය.

එහෙත් හදිසි පියවරයන් අනුගමනය කර ගුවන් තො‍ටුපොළ වසා දැමීම හා ප්‍රදේශ හුදකලාකරණය සංචරණයන් සීමාකරමින් මේ පාලනය කිරීම වෙනුවෙන් අලුත් පියවරයන් අනුගමනය කෙරිණි.

කොරෝනා අසාදිතයන් හුදකලාකරණය හෝ වෙනත් රෝගාබාධයන්ගෙන් වන හානිය වලක්වා ගැනීමට ප්‍රතිකාර කිරීම හැර වෛරසය මැඩලන්න වෙනත් ඖෂධීය විකල්පයන් ලෝකය හමුවේ නොවීම මත මේ වසංගතයෙන වන පීඩාව ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් ඇති රටවලට දරාගැනීම පහසු දෙයක් වූයේ නැත. එසේම අවධාරණය කළ යුතු වැදගත්ම කරුණ නම් මහ ජනතාවගෙන් මේ වෙනුවෙන් ලැබුණු සහයද සීමා වීමය. වසංගතය හමුවේ එය පාලනය කරගැනීමට ජනතාවට ස්වයං විනයක් නැතිවීම මත කවර රජයකටවත් මෙවැන්නක් පාලනය කළ නොහැක. සෞඛ්‍ය අංශ විසින් පනවා තිබෙන අනුගමනය කළයුතු සෞඛ්‍යම මාර්ගෝපදේශයන් කවරකු අතින් හෝ කඩවෙනවා නම් එය තවත් විශාල පිරිසක් අමාරුවේ දැමිමකි. ඒ තත්වයන් මත ඒ ගැටළු විසඳා ගැනීමේ අනාවශ්‍ය වගකීමක්ද රජය මත පැටවිණි. මේ නොසැලකිලිමත්කම් නිසා පසුගිය කාලයේ විශාල හානි සිදුව තිබිණි. අද පීසීආර් පරීක්ෂණ මගින් නිතිපතා හත්සියයක් අටසීයක් පමණ අසාදි‍තයන් හමුවීමට මේ නොසැලකිලිමත්කම් බලපා තිබේ. එහෙත් ජනතාවට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම වෙනුවෙන් ‍රැකියාවල, ව්‍යාපාරවල යෙදෙන්නට ඒ වෙනුවෙන් සංචරණයෙහි යෙදෙන්නට සිදුව තිබීම වඩා වැදගත්වීම මත සෞඛ්‍යමය නිර්දේශයන් දෙවැනි තැන ලා කටයුතු කිරීමට සිදුවීම ගැන ජනතාවට එක එල්ලේ චෝදනා කිරීම ද සාධාරණ නැත. මේ නිසා අප රටක් විදිහට වැඩී තිබෙන තත්වයන් හමුවේ අනිවාර්යයෙන්ම මුහුණදීමට වන අර්බුධ ජය ගැනීම පහසු නැත. අඩුපාඩුකම් අති මහත් ප්‍රමාණයක් අප සැමදෙනා අතින් සිදුව තිබේ.

ඒ කවර තත්වයක් හමුවේ වුව රජය නිරන්තරයෙන්ම වඩා නිවැරදි පියවරයන් අනුගමනය කරමින් රටේ කඩාවැටීම වලක්වමින් රටේ ඉදිරි දියුණුව වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගෙනතිබෙන බව කුහකකමින් තොරව සෑම සියළු දෙනාට පිළිගැනීමට සිදුවේ. අද කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් ලෝකයේ රටවල් දෙසීය ගනනකින්ම ශ්‍රී ලංකාව හොඳම රටවල් 10 අතර තිබෙන්නේ ආණ්ඩුවත් ජනතාවත් නැතිනම් සමස්ත රජය මේ සම්බන්ධයෙන් කළ කැපකිරීම නිසාය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවශ්‍ය තත්වයන් පාලනය ක්‍රමින් නිවැරදි තීන්දු තීරණ ගැනීමට දක්වන දක්ෂතාවය කැපී පෙනිනි. කවර බාධක එල්ල වී තිබුණත් රට පුරා ගමන් කරමින් රටේ වඩාත්ම පීඩාවට පත්ව සිටින පුරවැසියාගේ ගැටළුවේ සිට රාජ්‍ය අධිකාරයන් හී ගැටළු දක්වා පෞද්ගලිකවම මැදිහත් වී විසැඳීමට ගන්නා උත්සාහය පක්ෂ විපක්ෂ භේදකින් තොරව අගය කළ යුතුය.

එසේම අද කොවිඩ් මර්දනය සඳහා විසඳුමක් ලෙස ඉදිරිපත්ව තිබෙන කොවිඩ් එන්නත් මෙරට කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම ගැන්ද වචනයක් සඳහන් කළ යුතුය. වසංගතය පාලන කිරීමට නම් සමස්ත ජනතාවම අසාදිත තත්වයට පත් වීම වැලැක්විය යුතුය. දැනට ලෝකය හමුවේ ඇති එකම විසඳුම එන්නත්කරණයයි. එහෙත් තවමත් සියයට සියයක් සාර්ථක එන්නතක් නිපදවා ගැනීමට සමත්වී ද නැත. මේ වන විට නිපදවා තිබෙන එන්නත් සියල්ලම ගැන ඇත්තේ දැඩි අපේක්ෂාවක්, විශ්වාසයක් මිස තහවුරුවක් නොවේ. එසේම මෙම එන්නත සාමාන්‍ය එන්නතකට වඩා විශේෂය. එනනත්කරණය කඩිනමින් කෙටි කාලයක් තුල කළයුතුය. රටම ඉන් ආවරණය විය යුතුය. එය ගබඩා කිරීම හා බෙදාහැරීම වෙනුවෙන් අධි ශීතකරණමය පහසුකම් අවශ්‍යය. ඒ පහුකම්වල අවම තත්වය නිසා ගැටළු තිබේ. එසේම ලක්ෂ 200 කට අධික ජනතාවකට මාත්‍රා දෙක බැඟින් ලබාඳීමට සිදුව තිබෙන තත්වයන් මත එන්නත් මිළ දරාගැනීම අපහසුය. මෙය ලෝකයේ කුඩා රටවල් සියල්ලටම පාහේ ඇතිව තිබෙන බරපතල ගැටලුවකි. ඇමරිකාව වැනි රාජ්‍යයක් තම ජනගහණය මෙන් තුන් ගුණයකට අධික එන්නත් මාත්‍රා තොගයක් මිළදී ගත්තද අපට එහෙම කරන්න ශක්තියක් නැත. මේ නිසා එක්සත් ජාතීන් වාඩත් පීඩාවට පත්වන රටවල් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ජනගහණයෙන් සියයට 20 ක ප්‍රමාණයට එන්නත් නොමිලයේ ලබා දීමේ සහනයක් සලසා ඇත.

ඒ අනුව එම එන්නත් තොගය ලැබීමට තවත් මාසයක් හමාරක් බලාහිඳීමට සිදුව තිබිණි. එහෙත් එතෙක් මෙරට ජනතාව පීඩාවට පත්කරමින්, මෙරට ආර්ථිකය තවතවත් පීඩාවට පත්කරමින් තබාගැනීමට ජනාධිපති ගෝඨාභය කටයුතු කළේ නැත. ඔහු තමන්ට රටේ ජනතාව පැවැරූ වගකීම නියමාකාරයෙන් තේරුම් ගෙන එන්නත වෙනත් මාර්ගයකින් හෝ මෙරටට ගෙන්වා ගැනීමට වෙහෙසුණි. ඒ අනුව ඔහු මෙම එන්නත් වර්ග නිපදවීම අරම්භ කරතිබූ ඉන්දියාව, චීනය හා රුසියාව ඇතුලු යුරෝපීය රාජ්‍ය නායකත්වයන් සමඟ සාකච්ඡා කොට හැකි ඉක්මනින එන්නත් ප්‍රමාණයක් මෙරටට ගෙන්වාගැනීමට දැඩි උත්සාහයක් දැරීය. එහි ප්‍රතිපළයක් ලෙස ඊයේ (28) දිනයේදී ඉන්දියාවෙන් නොමිළයේම එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ලැබිණි. අද සිට හඳුනාගත් ප්‍රමුඛතා කණ්ඩායම් අනුව එන්නත් කිරීමේ ක්‍රියාවලියද ඇරඹිණි. එසේම නුදුරේම චීනයෙන්ද එන්නත් විශාල ප්‍රමාණයක් මෙරටට නොමිලයේ ලැබීමට නියමිතය. මෙලෙස කඩිනමින් මෙරටට නොමිලයේම එන්නත් ගෙන්වාගැනීමට හැකි වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික සම්බධතාවල පවතින ශක්තිමත්කම මතය.

කොහොම නමුත් නිසැතයෙන්ම කොවිඩ් අවදානම නිසා රටට එලල් වූ පීඩනය අද සිට කෙමෙන් කෙමෙන් පහව යනු ඇත. එසේම ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය වන සෞභාග්‍යයයේ දැක්ම අනුව මේවන විටත් රටේ සංවර්ධනය ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ගෙන තිබෙන වේගවත් වැඩපිළිවෙල තව තවත් වේගවත්ව ඉදිරියට ඇදෙනු ඇත.

විපක්ෂ කොටස් කවර විවේචන එල්ල කළත් රටේ මහ ජනතාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ජනාධිපතිවරයා විසින් නොබියව අධිෂ්ඨානශිලීව ගන්නා බවට මේ පසුගිය කාලය පුරාම ඔහු කළ කී දෙයින් පැහැදිලිය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුල ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන භූමිකාව අන් කිසිදු පාලකයකුට නොදෙවෙනිව ශක්තිමත් චරිතයක්වීම මේ වන විටත් සිදුව ඇත්තේ ඒ නිසාය.

- the novemberist

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us