subash
අපනයනය කිරීම සඳහා පළතුරු වගා කෙරෙන ගම්මාන පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇගිලි ගැසීම් සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරටට ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කිරීමට පියවර ගෙන ඇත.
දොලවත්ත ගෙනා, තරුණ නියෝජනය 25%ක් කරන යෝජනාව සම්මතයි!
රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
වසර 15කට පසු LTTE විත්තිකරුවන් 3නෙකු නිදොස් කොට නිදහස් !
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
ඩීසල් සහ ගැසොලින් අපනයනය සඳහා පනවා ඇති සියලු බාධක ඉවත් කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
පාතාල කල්ලි සහ කණ්ඩායම් මර්දනය සඳහා ක්‍රියාමාර්ග රැසක් රජය විසින් පසුගිය මාස කිහිපය තුළ රැගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා තිබෙනවා.
මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් සභාවන් නිලධාරී පාලනයක් යටතේ දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බව මහින්ද දේශප්‍රිය පවසයි.
ගාසා භාරගැනීම පිළිබඳ අමෙරිකා යෝජනාව ඊජිප්තුව ප්‍රතික්ෂේප කරයි !
වත්මන් පලස්තීන ඊශ්‍රායල ගැටුම අවසන් වීමෙන් පසු පලස්තීන ජාතික අධිකාරිය එම ප්‍රදේශය භාර ගැනීමට පෙර, ඊජිප්තුව විසින් ගාසා තීරයේ ආරක්ෂාව භාර ගත යුතු බවට ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය ඉදිරිපත් කළ යෝජනාව ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඊශ්‍රායල ටයිම්ස් පුවත්පත ඊයේ(9) පළ කර ඇත.
ජාතික වෘත්තීය සුරක්ෂිතතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමට පියවර !
සේවා ස්ථානවල සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කරමින් මෙරට සියලුම වෘත්තිකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින්, නූතන වැඩ ලෝකයට ගැලපෙන පරිදි ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින් නව ක්‍රියාකාරී සැලැස්මක් එළැඹෙන ජනවාරී මාසයේදී එළිදක්වන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය.
ගංවතුරට හානි වූ කුඹුරු අක්කර 11,757ක් ! කඩිනමින් වන්දි ලබා දෙන්නට ඇමතිගෙන් උපදෙස් !
පසුගිය යල කන්නයේ වගා කරන ලද අස්වනු නෙලන්නට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් ගංවතුර නිසා විනාශයට ලක්ව වාර්තා වේ.
