subash
විශ්‍රාම වැටුප් ප්‍රතිපාදන සදහා කැබිනට් පත්‍රිකාවක් !
විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කරනු ලැබ ඇත.
දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට ලබන සඳුදා(13) විශේෂ නිවාඩුවක් ලබාදී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සම්පාදිත “චිත්‍රසිරි කමිටු වාර්තාව” බාරදෙයි
පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා වෙත අද (08) නිල වශයෙන් බාර දෙන ලදී.
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය නොපමාව අහෝසි කළ යුතුයි - කරු ජයසූරිය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නොපමාවම පියවර ගැනීමට පෙරට එන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන හිටපු කතානායක කරු ජයසූරිය අවධාරණය කරයි.
Revolutionizing Healthcare Management: HHIMS Enhances Patient Care and Efficiency in Healthcare Management
The Hospital Health Information Management System (HHIMS) represents a transformative leap towards optimizing healthcare management in Sri Lanka. Launched in 2012, this ongoing initiative, a collaboration between the Ministry of Health and the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), aims to overcome significant challenges in healthcare operations.
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග තුළ ඩිජිටල් පරිවර්තනයට අනුවර්තනය වී අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට කැපවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කලේය.
ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය.
