subash

subash

වීසා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් ජෝර්දානයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු ශ්‍රී ලාංකික 200කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

කීරි සම්බා සහල් කිලෝ එක් දහස් තුන්සිය හැට පහක් සඟවා ගෙන සිටි බවට වරද පිළිගත් නිට්ටඹුව නගරයේ සුපිරි වෙළෙඳ සලකට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න විසින් රුපියල් ලක්ෂයක දඩ නියම කර සහල් තොගය රාජ සන්තක කිරීමට නියෝග කර ඇත.

එළැඹෙන 2024 වසරේ සංවර්ධන ඉලක්ක සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වන්නේ ණය ප්‍රති ව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් අනතුරුව පමණක් යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

නිල්වලා ගඟේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩකටයුතු අවසන් කර තිබේ.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය – 2023” ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී  ඊයේ(11) පස්වරුවේ පැවැත්විණි.

දීපවාලී උත්සවය නිමිත්තෙන් සියලු දමිළ පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

Connet With Us