ජංගම දුරකථන සිම්පත් ගැන දැනුම්දීමක් !

Published in පුවත්
Sunday, 12 November 2023 09:30

ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයින් තමන් භාවිතා කරන සිම්පත තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තම ජාතික හැඳූනුම්පත් අංකය යටතේ නිකුත් වී ඇති සිම්පත් පිළිබඳ තමන් දැනුවත්ව සිටිය යුතු බව ඔවුන් දැනුම් දෙයි.

#132# ඩයල් කිරීම මගින් තමන් දැනට භාවිත කරන දුරකථන සමාගමට අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවති.

තමන් භාවිත කරන දුරකථන සමාගම හැර වෙනත් දුරකථන සමාගමක තමන්ගේ හැඳුනුම්පත් අංකය යටතේ සිම්පත් තිබේ ද යන්න එම සමාගම්වල පාරිභෝගික අංකය ඇමතීමෙන් දැන ගත හැකියි.

තමන්ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පතක් ලියාපදිංචි වී ඇත්නම් එම සිම්පත් වහා අවලංගු කිරීමට කටයුතු කළ යුතුය.

එසේ සිදු නොකර එම සිම්පත හරහා යම් අවභාවිතාවක් සිදු කළහොත් ඒ සඳහා වගකීම තමන්ට දැරීමට සිදුවන අතර එහි නිරවද්‍යතාවය සනාථ කිරීම සඳහා තමන්ගේ කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කිරීමට සිදුවනු ඇත.

තමන් භාවිත කරන සිම්පත් මෙතෙක් තමාගේ නමට ලියාපදිංචි වී නොමැති නම් තමන් භාවිත කරන සිම්පත අයත් දුරකථන සමාගම හා සම්බන්ධ වී එම සිම්පත ලියාපදිංචි කර ගැනීමට කටයුතු කළ යුතුයි.

සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ දීප ව්‍යාප්ත ජංගම සේවාවේ ආරම්භක වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් ලබන සඳුදා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා කාලය තුල පැවැත්වේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us