subash

subash

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද (14) ඉවත්වුණි.

අධිකරණය මඟින් පාස්කු වින්දිතයින්ට ගෙවීමට නියම කළ මිලියන 311ක මුදලින් රුපියල් මිලියන 36,825,000ක මුදලක් හානිපූර්ණ කාර්යාලය වෙත ලැබී ඇතැයි අද (14) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසා ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩසටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබේ.

රුපියල් බිලියන 50ක් තරම් අතිවිශාල මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනයට ජාතික අය වැයකින් වෙන් කළේ ඉතිහාසයේ පළමු වතාවට යැයි සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති නවාස් රාජාබ්දීන් ප්‍රකාශ කළේය.

අයවැයේ සතුට

Published in පුවත්
Tuesday, 14 November 2023 10:18

අයවැයෙන් මහල් නිවාසවල සින්නක්කර අයිතිය ජනතාවට ලබාදීමට සතුට පළකරමින් මහල් නිවාස ජනතාව එම සතුට ඊයේ දින සමරනු ලැබීය.

දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉළක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය ඊයේ (13) අනුමැතිය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙයි.

'' Resilent Lady '' කොළඹ වරායට

Published in පුවත්
Tuesday, 14 November 2023 09:47

අති සුඛෝපභෝගී Resilent Lady මගී නෞකාව ඊයේ (13) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සේන්දු වි ඇත.

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (14) සිට ආරම්භ වේ.

විදේශ ගත ශ්‍රමිකයින් විසින් රුපියල් කෝටි 240,000ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසා ඇත.

Connet With Us