subash
2024 අයවැය තෙවැනි වර කියවීමේ විවාදය සඳහා කථානායකවරයා ගේ ප්‍රධානත්වයෙන් අද (16) දිනයට නියමිත පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
-P.M
විද්‍යුත් බිල්පත් ක්‍රමවේදය ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මකයි
විදුලි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දී ඇති විද්‍යුත් බිල්පත් ක්‍රමවේදය ප්‍රදේශ කිහිපයක් සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.
සුබසාධන ප්‍රතිලාභ පනතට අනුව ජනපතිගෙන් නව පත්කිරීමක්
සුබසාධන ප්‍රතිලාභ පනතට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳිය නොහැකියි - ජනපති
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙවර අය වැයෙන් අධ්‍යාපනයට වැඩි ඉඩක් ලබාදීම සුබවාදියි
ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභාත් වීරසිංහ අධ්‍යාපනයට වැඩි ඉඩක් ලබා දීම සුබවාදී බව පැවැසීය.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවේ සංචාරයකට එක්ව තිබේ. ෂී ජින් පිං මහතා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළට ළඟා වී ඇත.
ක්‍රීඩා ඇමතිට එරෙහිව ක්‍රිකට් ආයතනය බිලියන 2.4ක වන්දියක් ඉල්ලා නඩු
ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන් වූ සමාගමේ හිමිකරු තවදුරටත් රිමාන්ඩ්
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අනුරාධපුර නාගරික සංවර්ධන උප ව්‍යාපෘති 8ක් අවසන්
අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වනවිට උප ව්‍යාපෘති 8ක් නිමකර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමු වී ආණ්ඩුවට දෙහි කැපූ සජිත්
පසුගිය වසරේ අයවැය යෝජනාවත් හරිහැටි සම්පූර්ණ කරගත නොහැකි තත්ත්වයක් තුළ මෙවර අයවැය ඉදිරිපත් කර ඇති බවත් එය ජනතාවගේ පැත්තෙන් අවාසිදායක අයවැයක් බවත් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් ඊයේ හමුවූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත.
