subash
2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන ලංකාවේ සියලු පාසැල් වල -ජනපති
භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බැවින් අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබා දිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.
කෝප් කමිටුවේ සභාපති වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියෙ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බැවින් ලැබැදියාව අතර ගැටුම් තත්ත්වය මත මොහු තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තබාගත හැකිදැයි විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබේ.
අර්බුද වලට හරියට මුහුණ නොදුන්නොත් 225ටම ගුටි - වජිර කියයි
වත්මන් අර්බුද වලට හරියට මුහුණ නොදුන්නොත් 225 දෙනාම ගුටි කන තත්ත්වයකට පත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවකට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
සිරියානු ජනාධිපති අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තු !
ජාත්‍යන්තර ප්‍රජාව විසින් තහනම් කරනු ලැබූ රසායනික අවි යොදාගෙන සිරියානු සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කර, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළේ යැයි චෝදනා නගමින්, ප්‍රංශ රජය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, ඔහුගේ සොහොයුරා සහ සිරියානු රජයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ.
කුළුබඩු අපනයනය සදහා ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ
මෙරට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා දෙසැම්බර් මාසයේ සිට අදාල ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නියෝගයක් නිකුත් කර තිබේ.
ලංකාවට ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ඒවා හොඳ තෙල් සමග මිශ්‍ර කොට පරිභෝජනයට යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසීය.
වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මිය ගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම වසර අවසන් වන විට ආගමික ස්ථාන සඳහා සූර්යය බලයෙන් විදුලිය ලබා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කළ හැකි බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කරයි.
ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි ගෙන් වූ අයට තරාතිරම නොබලා දඩුවම් කරන්න -මහේස්ත්‍රාත්වරියගෙන් නියෝග
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අදාළව රජයේ නීත්‍යනුකූල ක්‍රමවේදයන්ගෙන් බැහැරව යමින් කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු සියලු නිලධාරීන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (15) නියෝග කළාය.
