පාර්ලිමේන්තුවෙන්, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු හැර අනෙක් සියල්ලම ඉටුවෙන බවත් ,පාර්ලිමේන්තුවේ 225 දෙනා තවම එක් වන්නේ බෙදෙන්න ගහගන්න මිස කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න අවබෝධ කරගැනීමට නොවේ යැයි ද මන්ත්‍රීවරයා පවසා තිබේ.
රට බංකොලොත් කිරීමට 225 ම වගකිව යුතු යැයි ද කාටවත් ඒකෙන් නිදහස් වෙන්න නොහැකි යැයි ද මන්ත්‍රීවරයා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පෙබරවාරියේ ලැබුණ පසු තවත් සහන ලබා දෙන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙන බව ද අබේවර්ධන පැවසීය.
-P.M