ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යාපාර බල ගැන්වීමට ICTA හා බ්‍රැන්ඩික්ස් අතර අවබෝධතා ගිවිසුමක්

Published in පුවත්
Thursday, 16 November 2023 13:49

මෙරට ආරම්භක නව්‍ය ව්‍යාපාර (Startups) පෝෂණය කිරීම, අනුග්‍රහය දැක්වීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අඛණ්ඩව දෙවන වසරටත් සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම සමඟ එක්වෙයි.



ඒ වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමට ICTA හි සභාපති මහාචාර්ය මලික් රණසිංහ සහ සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගමෙහි තොරතුරු තාක්ෂණ/ඩිජිටල් අධ්‍යක්ෂ සහ ෆෝටූඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන සිරිනන්ද විසින් පසුගිය දා අත්සන් තැබුවේය.


මෙම උපාය මාර්ගික සහයෝගීතාවයේ ඉලක්කය වන්නේ අත්‍යවශ්‍ය අරමුදල් සහ සහාය ලබා දීම මඟින් මෙරට ආරම්භක නව්‍ය ව්‍යාපාරවල ඉක්මන් වර්ධනයක් ඇති කිරීම බවත්, ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ආර්ථිකය නංවාලීම සඳහා තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකත්වය දිරිමත් කිරීම පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙන බවත්  ICTA නිලධාරීන් පැවසුවේය.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ෆෝටූඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන සිරිනන්ද  අවධාරණය කළේ, බ්‍රැන්ඩික්ස් හි ඩිජිටල් යටිතල පහසුකම් සිය පාරිභෝගිකයින්ට නව්‍ය විසඳුම් ලබා දීමේ දී ප්‍රමුඛ වන බවත්, තරගකාරී මිල ගණන් යටතේ උසස් නිෂ්පාදන ලබා දීමේ දී තාක්‍ෂණයට සිය මෙහෙයුම් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳව අඛණ්ඩව ගවේෂණය කරමින් සිටින බවත් ය. සමාන අදහස් ඇති රාජ්‍ය ආයතනයක් වන ICTA සමඟ සහයෝගී හවුල්කාරිත්වයකට එළැඹීමට ලැබීම ගැන සතුටු වන බවත්, එම ඒකාබද්ධ ප්‍රයත්නයන් ශ්‍රී ලාංකේය තාක්ෂණ ව්‍යවසායකයින්ගේ අදහස් උද්දීපනය කිරීමට උපකාරී වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අවබෝධතා ගිවිසුම මඟින් ශක්තිමත් වන Spiration Startup Incubator වැඩසටහන හරහා ආරම්භක අවධියේ තාක්ෂණික ව්‍යවසායකයින් හට මූලික අරමුදල්, පුහුණුව, ජාලකරණ අවස්ථා සහ දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රවර්ධන අවස්ථා ඇතුළු විවිධ ආකාරයේ සහාය ලබා දෙනු ලැබෙන අතර  නව්‍ය ව්‍යාපාර ආරම්භයේ සිට සෑම අදියරක දී ම ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින්, ආරම්භක නව්‍ය ව්‍යාපාර පාරිසරික පද්ධතියේ සංවර්ධනය සඳහා ICTA විසින් පුළුල් සහ දත්ත මත පදනම් වූ උපාය මාර්ගයක් පිළිගෙන තිබෙන බවයි ඔවුන් පවසා සිටියේ. එමෙන්ම මේ දක්වා ආරම්භක නව්‍ය ව්‍යාපාර 150කට අධික සංඛ්‍යාවකට උපකාර කිරීමට Spiralation මුලපිරීමට හැකි වී ඇති අතර ඒවායෙන් බොහොමයක් ගෝලීය වශයෙන් රටවල් 30කට වඩා වැඩි ප්‍රමාණයකට තම ප්‍රවේශය පුළුල් කර ඇතිවා පමණක් නොව, රැකියා අවස්ථා 1,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ද සාමූහිකව දායක වී තිබෙන බවත් ඔවුන් අවධාරණය කර සිටියේය.

එමෙන්ම Spiralation වැඩසටහන යටතේ තෝරාගත් ආරම්භක නව්‍ය ව්‍යාපාර සඳහා විශේෂඥ මගපෙන්වීම, පුහුණුව සහ උපදේශනය සැපයීමට අමතරව සමස්තයක් ලෙස මිලියන 10ක අරමුදල් සැපයීමට ද සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම කැපවී සිටින බවත් ඔවුන් පවසයි.

නොවැම්බර් 13 සිට 19 දක්වා ලෝකයේ රටවල් 200කට ආසන්න ප්‍රමාණයක පැවැත්වෙන 2023 ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය දරන්නේ ද ICTA ආයතනය බවත් දේශීය ව්‍යවසායකයින්, ආයෝජකයින් සහ පර්යේෂකයන් අතර සහයෝගීතාව සහ සම්බන්ධතා ශක්තිමත් කරමින් රට තුළ ව්‍යවසායකත්ව ප්‍රයත්නයන් මෙහෙයවීමට සහ සවිබල ගැන්වීමට එම ආයතනය කැප වී කටයුතු කරන බවත් මහාචාර්ය රණසිංහ පවසයි.

ICTA යනු ජාතියේ ඩිජිටල් සංවර්තනය මෙහෙයවන ප්‍රමුඛතම ආයතනය බවත්, ICTA හි ඩිජිටල් ආර්ථික අංශය යටතේ, සිය අපේක්ෂාව වන්නේ 2025 වසර වන විට ආරම්භක නව්‍ය ව්‍යාපාර 1,000ක් ස්ථාපිත කිරීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් ආරම්භක නව්‍ය ව්‍යාපාර සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම, දිරිමත් කිරීම සහ පිටුබලය ලබා දීම බවත් ජාතියේ ප්‍රගමනය සඳහා වූ එම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා සීමාසහිත බ‍්‍රැන්ඩික්ස් ඇපරල් සමාගමේ සහාය ඉවහල් වනු ඇති බවත්, ඒ වෙනුවෙන් එම සමාගම සමඟ එක් වීමට ලැබීම ගැන සතුටු වන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
- රන්ජනා

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us