කසළ නිසා කෙලෙසුණු වෙරළ තීරය

Published in පුවත්
Thursday, 16 November 2023 13:38

මොරටුව මහ නගර සභාවෙන් රැගෙන නොයන කසළ, එම වෙරළ තීරයේ ගල්වැටි මත පුලුස්සා දැමීම හේතුවෙන් ඉන් නැගෙන දුමාරය ඉවසා ගත නොහැකි බව මොරටු ප්‍රදේශවාසීන් පවසති.

 

නිවෙස්වලින් බැහර කරන කුණු කසල නගර සභාවෙන් රැගෙන නොයාම හේතුවෙන් යම් මුදලක්  මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වෙත ලබා දී එම කසළ මෙලෙස පුළුස්සා දමන බවත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සිය දෛනික ආදායම් මාර්ගය බවට මෙය පත් කර ගනිමින් සිටින බව සඳහන් කළ ප්‍රදේශවාසීන් එසේ රැගෙන යන කුණු කිසිදු වග විභාගයකින් තොරව නිවෙස් අසල ද දමා යන තත්ත්වයක් මතුව ඇති බවත් ඔවුන් පැවසීය.

එමෙන්ම ඇතැම් මත්ලෝලීන්ට වෙරළට කසළ දමන්නට එපා යැයි කී විට ප්‍රදේශවාසීන් සමඟ ආරවුල් ඇති කර ගත් අවස්ථා ද ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

බාගෙට පිලිස්සුණු කුණුවලින් නැඟෙන දුමාරය ඉතා ගැටලු සහගතව ශ්වසන ආබාධ ඇතිකර වීමට ද හේතු වී ඇතැයි එම ජනතාව පවසති.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දැනුම්වත් කිරීම් සිදු කළත් මේ වන විටත් මුහුදුබඩ මාර්ගය වෙරළ තීරය ආසන්න ගල්වැටි මත කසළ ගිනි තැබූ ස්ථාන දැක ගත හැකි බව ඔවුන් පැවසීය.

මේ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පවසා සිටියේ පරිසරයට මෙලෙස කසළ බැහැර කිරීම එය නිති විරෝධි ක්‍රියාවක් බවත් පළාත් පාලන ආයතනවලට කසල කළමනාකරණයට වැඩි වගකීමක් ඇති බවය. කෙසේ වෙතත් අදාළ අංශ දැනුවත් කර මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවධානය යොමු කරන බව අධ්‍යක්ෂවරයා පවසා සිටියේය. හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ  රට තුළ නීතිය හරි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් බොහෝ පාරිසරික ගැටලු අවම කරගැනීමට හැකි බවය.

-රන්ජනා

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us